එංගලන්ත ශ්‍රී ලංකා සංචාරයට ක්‍රීඩකයන් 24 ක්!

[vc_row][vc_column][vc_column_text]එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වීමට නියමිත එක්දින තරඟමාලාව සඳහා ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයන් 24 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් ප්‍රකාශයට පත් කරනු ඇති බවට වාර්තා වනවා.

24 දෙනෙකුගෙන් යුක්ත මෙකී සංචිතය විස්සයි විස්ස මෙන්ම එක්දින යන තරඟාවලි ද්විත්වයටම නම් කරනු ඇති බවයි වාර්තා වන්නේ. මෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායම,

තරඟ තුනකින් සමන්විත විස්සයි විස්ස තරඟමාලාවේ පළමු සහ දෙවන තරඟ වලට පිළිවෙලින් ජූනි මස 24 සහ 25 කාර්ඩිෆ් හීදි ශ්‍රී ලංකාව මුහුණ දීමට නියමිතයි. අනතුරුව තෙවන විස්සයි විස්ස තරඟය ජූනි මස 26 වනදා සවුත්හැම්ප්ටන් වලදී පැවැත්වෙනවා.

එක්දින තරඟමාලාවේ පළමු තරඟය ජූනි 29 වනදා චෙස්ටර් ලී ස්ට්‍රීට් වලත් දෙවන තරඟය ජූලි 1 වනදා ලන්ඩන් හි කෙනින්ටන් ඕවල් හී දිත් තෙවන තරඟය ජූලි මස 4 වන දා බ්‍රිස්ටල් හී දීත් පැවැත්වෙනු ඇති. තරඟාවලියට සහභාගී වන 24 දෙනෙකුගෙන් යුක්ත සංචිතය නුදුරේදීම නම් කිරීමට නියමිත වනවා.

Creeda Sports Network[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top