පන්දුවාර 50 ජාත්‍යන්තර ක්‍රිකට් තරග නරඹන ක්‍රීඩා ලෝලීන් පිරිස අඩු වීම වැළැක්වීමට එක්දින තරග ඕවර 40කට සීමා කළ යුතු බව වසීම් අක්රම් යෝජනා කොට ඇත.
ඕස්ට්‍රේලියානු-පකිස්තාන පර්ත් ටෙස්ට් තරගය අතරතුර විස්තර විචාරය වෙනුවෙන් එක්වූ අක්රම් පාකිස්තාන කණ්ඩායමේ නායකත්වය වෙනස් කිරීම ගැන ද සඳහන් කළේය. 2023 ලෝක කුසලානයෙන් පසු බබාර් අසාම් සියලු ආකෘති වල නායකත්වයෙන් ඉවත් වද්දී ශාන් මසූඩ් ටෙස්ට් නායකත්වය භාර ගන්නා ලදී. ෂහීන් අෆ්රිඩි T20 කණ්ඩායම් නායකත්වයට පත් කෙරිණි. 2024 නොවැම්බර් දක්වා පාකිස්තානය එක්දින තරගයක් ක්‍රීඩා නොකරන බැවින්, එම ආකෘතියෙන් නායකයා නම් කිරීම PCB විසින් තවමත් සිදුකොට නොමැත.
එක්දින ක්‍රිකට් වර්තමාන තත්ත්වය තුළ දිගු වැඩි බව අක්රම් කියා සිටියේ එක්දින ක්‍රිකට් ආකෘතිය පිළිබඳ ඔහුගේ කලකිරීම ප්‍රකාශ කරමිනි.
තවත් ඕවර 50 ලෝක කුසලානයක් තියෙනවද? දෙයියනේ එක්දින ක්‍රිකට් වෙනුවෙන් මොනවා හරි කරන්න. ඒක දිග වැඩියි. එක්දින ක්‍රිකට් ආකෘතිය අතුරුදහන් වෙලා තියෙනව, විශේෂයෙන්ම ද්විපාර්ශ්වික තරගාවලි. එය විස්සයි විස්ස සහ ටෙස්ට් ක්‍රිකට් වලට වඩා බෙහෙවින් වෙනස් ආකෘතියකි, එය යම් ආකාරයකට ඒ දෙක අතර එකක්. එය ක්‍රීඩා කරන්න නම් ඔබ විශේෂඥයෙකු විය යුතුය.
මට අනුව නම් එක්දින ක්‍රිකට් වල ප්රශ්නය තමයි ඕවර් 10-40 කොටස. ඒක ඇතුලෙ ගොඩක් වෙලාවට මොකුත් වෙන්නෙ නැ. අවසාන දහය සහ පළමු ඕවර දහය, පවර්ප්ලේ වඩාත් උද්යෝගිමත්. මේ සදහා යමක් කළ යුතුයි කියලා මම හිතනවා.
එක්දින තරඟ සඳහා ගෙන ඒමට අවශ්‍ය වෙනස්කම් මොනවාදැයි ඇසූ විට ඔහු මෙසේ පැවසීය: “අවධානය නැති වී ඇති නිසා මම බොහෝ විට ඕවර 50 වෙනුවට ඕවර 40 ක් ක්‍රීඩා කිරීමට යෝජනා කරනවා. T20 ආකෘතිය නිසා එක්දින රටාව ටිකක් අඅතුරුදහන් වන බවක් පේනවා.ටෙස්ට් ක්‍රිකට් තමයි හොදම, ඒකේ සැකයක් නෑ”