එක්දින තරඟාවලියක් වෙනුවෙන් ශ්‍රී ලංකාව එංගලන්තයට

[vc_row][vc_column][vc_column_text]COVID-19 වසංගත ව්‍යාප්තියෙන් අඩපණ වුනු ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය මේ වන විට නැවත සක්‍රීය වෙමින් පවතිනවා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමද දෙසැම්බර් මස 26 වන දින දකුණු අප්‍රිකාවට එරෙහිව නැවත ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට අවතීර්ණ වීමට නියමිතයි.

මේ අතර අද දිනයේදී ESPSNCrininfo වෙබ් අඩවිය විසින් එංගලන්ත කණ්ඩායමේ 2021 වසරට අදාළ තරඟාවලි සැලසුම් පිළිබඳව ලිපියක් පළ කර තිබුණා. එම ලිපියට අනුව ශ්‍රී ලංකා කණ්ඩායම 2021 වසරේ ජුනි මාසයේදී එක්දින තරඟාවලියක් වෙනුවෙන් එංගලන්තයට සංචාරය කිරීමට නියමිතයි.

දැනට ඉදිරිපත් කර ඇති තරඟාවලි සැලසුම

  1. පළමු එක්දින තරඟය – 2021 ජුනි 29 – Durham ක්‍රීඩා පිටියේදී
  2. දෙවන එක්දින තරඟය – 2021 ජුලි 2 – The Oval ක්‍රීඩා පිටියේදී
  3. තෙවන එක්දින තරඟය – ජුලි 3 – Bristol ක්‍රීඩා පිටියේදී

දැනට සැලසුම් වී ඇති ශ්‍රී ලංකා කණ්ඩායමේ අනෙක් තරඟාවලි

ශ්‍රී ලංකා කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරය

  1. පළමු ටෙස්ට් තරඟය – 2020 දෙසැම්බර් 26 – 30 – සෙන්චූරියන්
  2. දෙවන ටෙස්ට් තරඟය – 2021 ජනවාරි 03 – 07 – ජොහැන්නස්බර්ග්

එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය

  1. පළමු ටෙස්ට් තරඟය – 2021 ජනවාරි 14 – 18 – ගාල්ල
  2. දෙවන ටෙස්ට් තරඟය – 2021 ජනවාරි 23 – 27 – ගාල්ල

උපුටා ගැනීම – Cree Da Sports Network[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top