එක්දින තරඟාවලියත් කොදෙව්වන්ට

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන්ගේ බලාපොරොත්තු නැවතත් භංගත්වයට පත්කරමින් දෙවන එක්දින තරඟයත් අවසන් මොහොතේ පරාජයට ලක්වීමට ශ්‍රී ලංකාවට සිදුවුණා. ඒ සංචාරක ලංකා – කොදෙව් දෙවන එක්දින තරඟයදීයි. මේ අනුව තරඟයක් ඉතිරිව තිබියදී, තරඟාවලිය 2-0 ක් ලෙස කොදෙව්වන් ජයගනු ලැබුවා.

 

ඇන්ටිගුවාහී දැවැන්ත ඉලක්කයක් වු ලකුණු 273ක් පසුකර යමින් සිටි කොදෙව්වන්ට අවසන් පන්දුවාර තුනේදී ලකුණු 31ක් ලබාගත යුතුව තිබුණා. නුවන් ප්‍රදීප් යැවු එම පන්දුවාරය අවසන් වුනේ හයේ පහරක් හා හතරේ පහර දෙකක් සමගින් ලකුණු 18ක් කාන්දු කරමින්. කෙසේ වෙතත් 19වන පන්දුවාරයේ ලකුණු හතරක් පමණක් ලබාදුන් චමීර ශ්‍රී ලංකාවට නැවතත් බලාපොරොත්තු එක්කලා. ඒ අනුව අවසන් පන්දුවාරයට හිමිවු ඉලක්කය ලකුණු 9ක්. එහි දෙවන හා තුන්වන පන්දු වලට හතරේ පහර එල්ල කල නිකලස් පූරන් කොදෙව් ජය තහවුරු කලා.

 

පිළිතුරු ඉණිමේ මුල් භාගයේදී කොදෙව්වන් පහසුවෙන් ජය තහවුරු කරගනි යන්න පෙනෙන්නට තිබුණත් ආරම්භක පිතිකරුවන්ට පසු මැදපෙල යම් කඩා වැටීමක් පෙනෙන්නට තිබුණා. ප්‍රථම තරඟයේ මෙන්ම කොදෙව් ආරම්භක සබඳතාවය මෙවරත් කැපී පෙනුණු අතර ලකුනු 192ක් පලමු කඩුල්ල දවාගැනීමට ලංකා පන්දු යවන්නන් වැය කලා. එවින් ලුවිස් තම හතරවන එක්දින ශතකය වාර්තා කරමින් ලකුණු 103ක් හා ෂේ හෝප් ලකුණු 84ක් රැස්කලා. පසුව කඩුලු කිහිපයක් දැවී ගියත් අවසානය දක්වා තම කණ්ඩායම රැගෙන ගිය පූරන් පන්දු 38කින් ලකුණු 35ක් රැස් කලා. පන්දු යැවීමෙන් තිසර පෙරේරා හා නුවන් ප්‍රදීප් කඩුලු දෙක බැගින් ලබාගත්තා. විස්සයි විස්ස තරඟාවලියේ ශ්‍රී ලංකා ප්‍රහාරාත්මක පන්දු යවන්නා වූ වනිදු හසරංගට දෙවන එක්දින තරඟයදීත් කඩුල්ලක් ලබාගැනීමට හැකිවුනේ නැහැ. තරඟයේ වීරයා වුනේද ශතකලාභී ලුවිස්.

 

ශ්‍රී ලංකා ඉණිමේ කාගෙත් අවධානය යොමුවුනේ ධනුෂ්ක ගුණතිලකගේ ඉණිම වෙතයි. ආරම්භයේදීම ලකුණු කඩුලු තුනකට ලකුණු 50ක් දැවී නැවතත් අඩු ලකුණු ප්‍රමාණයකට සියලු දෙනා දැවී යාමට තිබු අවස්ථාවක් බේරාගනු ලැබුවේ ඔහු හා දිනේෂ් චන්දිමාලුයි. ඔවුන් දෙදෙනා ශතක සබඳතාවක් පැවැත්වුවේ පන්දු 126කින්. කෙසේ වෙතත් ධනුෂ්ක ශතකය පෙනි පෙනි ලකුණු 96 කට දැවී යාම අවාසනාවන්ත සිදුවීමක් වුණා. තම අත්දැකීම් භාවිතා කරමින් ඉවසීමෙන් පන්දුවට පහරදුන් චන්දිමාල් ලකුණු 71ක් ලබාගත්තා.  කොදෙව්වන්ට ලකුණු 274 පීඩනකාරී ඉලක්කයක් ලබාදුන් වනිදු හසරංග පන්දු 31කින් ලකුණු 47ක් ලබා ගත්තා.

 

ශ්‍රී ලංකා කණ්ඩායම – 273/8 (50)

ධනුෂ්ක ගුණතිලක – 96 (96),දිනේෂ් චන්දිමාල් – 71 (98),වනිදු හසරංග – 47 (31) ,ජේසන් මොහොමඩ් – 3/47,අල්සාරි ජෝසප් – 2/42

 

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම – 274/5 (49.4)

 එවින් ලුවිස් – 103 (121),ෂේ හෝප් – 84 (108) ,නිකලස් පූරන් – 35 (38),තිසර පෙරේරා – 2/45 ,නුවන් ප්‍රදීප් – 2/66

 

Batsman.Com[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top