එක්දින ක්‍රිකට් ක්‍රීඩාවේ නීති වෙනස් කළ යුතු බව ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය පවසයි. සචින් තෙන්ඩුල්කාර් වත්මන් යුගයේ ක්‍රීඩා කළේ නම් ඔහු ලකුණු හා ශතක සංඛ්‍යාව දෙගුණයක් වීමට ඉඩ තිබූ බව සනත් ජයසූරිය සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් කියා සිටියේය.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් 2011 වසරේ දී තණතීරුවේ දෙපැත්තෙන්ම පන්දුවක් ලබා දීමේ නීතිය හඳුන්වා දෙන ලදී. එක් පන්දුවක් පන්දුවාර 25ක් සඳහා පමණක් භාවිත කළ බැවින් පන්දුව එහි හැඩය පවත්වා ගැනීමට මෙය ඉවහල් විය. පන්දුව එහි දෘඪතාව රඳවා ගැනීමත් සමඟ පිතිකරුවන් උපරිම ප්‍රයෝජන ගත් අතර එක්දින තරගයක සාමාන්‍ය ලකුණු සංඛ්‍යාවේ ඉහළ යාමක් සිදුවිය.
පාකිස්තාන හිටපු සුපිරි වේගපන්දු යවන්නෙකු වූ වකාර් යුනිස් සිය ට්විටර් ගිණුමෙහි සටහනක් තබා තිබුණේ පන්දු යවන්නන්ට වඩා හොඳ බලපෑමක් ඇති කිරීම සඳහා ICC නීතිවල යම් යම් වෙනස්කම් කළ යුතු බවයි.
“එක්දින ක්‍රිකට් පිතිකරුවන්ට ඉතා වාසි සහගතයි. ICCට යෝජනා කරනවා ආරම්භයේදී නව පන්දු 2ක් යොදා ගත්තද, ඕවර 30 න් පසු එක් පන්දුවක් ඉවතට ගන්න, අනෙක් පන්දුව සමඟ දිගටම ක්‍රීඩා කරන්නට. එවිට එම පන්දුව ඕවර 35ක් පරණ වේවි. අවසානයේ පන්දුව Reverse වෙනවා අපිට දකින්න පුලුවන් වෙයි. රිවර්ස්වින්ග් කලාව රැකගන්න”