එක්දින ලෝක කුසලාන සමාරම්භක තරගයේ විනිසුරුවරුන් ප්‍රකාශයට පත් කෙරේ

[vc_row][vc_column][vc_column_text]ඔක්තෝබර් 5 වැනිදා එංගලන්තය සහ නවසීලන්තය අතර පැවැත්වෙන ලෝක කුසලාන ආරම්භක තරගයේ විනිසුරුවරුන් ලෙස ඉන්දියාවේ නිතින් මෙනන් සහ ශ්‍රී ලංකාවේ කුමාර් ධර්මසේන කටයුතු කරනු ඇත. එමෙන්ම හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ජවගල් ශ්‍රීනාත් තරඟ තීරක ලෙස කටයුතු කරන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය නිවේදනය කොට ඇත.අහමදාබාද්හිදී පැවැත්වෙන තරගාවලියේ පළමු තරගයේදී පෝල් විල්සන් සහ සයිකට් පිළිවෙළින් රූපවාහිනී විනිසුරුවරයා සහ සිවුවැනි විනිසුරුවරයා ලෙස කටයුතු කරනු ඇත.

ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරුවන්ගේ Emirates Elite Panel හි සියලුම සාමාජිකයන් 12 දෙනා සහ ICC නැගී එන විනිසුරු මණ්ඩලයේ සාමාජිකයින් හතර දෙනෙකු ඇතුළුව විනිසුරුවන් 16 දෙනෙකු විසින් මෙවර ලෝක කුසලාන තරගාවලිය විනිශ්චය කිරීමට එක්ව සිටියි. 2019 ලෝක කුසලාන අවසන් මහා තරගය සදහා එක්වූ විනිසුරුවරුන් හතර දෙනාගෙන් තිදෙනෙකුම මෙවර ද ඇතුළත්ය. කුමාර් ධර්මසේන, මාරයිස් ඉරාස්මස් සහ රොඩ් ටකර් මෙවර වෙනුවෙන් එක්වන අතර මාර්තු මාසයේදී එලයිට් පැනලයෙන් ඉවත් වූ අලීම් ඩාර් පමණක් මෙවර තරගාවලිය වෙනුවෙන් එක් නොවෙයි.

විනිසුරුවරුන් ලැයිස්තුව
Chris Brown, Kumar Dharmasena, Marais Erasmus, Chris Gaffaney, Michael Gough, Adrian Holdstock, Richard Illingworth, Richard Kettleborough, Nitin Menon, Ahsan Raza, Paul Reiffel, Sharfuddoula Ibne Shaid, Rod Tucker, Alex Wharf, Joel Wilson and Paul Wilson.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top