එන් සී සි සහ හලාවත මේරියන්ස් අවසන් මහා තරඟයට

[vc_row][vc_column][vc_column_text]අන්තර් සමාජ පන්දුවාර 50 ක්‍රිකට් තරඟාවලියේ අවසාන මහා තරඟයට සුදුසුකම් ලැබීමට ඇන්ජලෝ පෙරේරා නායකත්වය දරන NCC කණ්ඩායමද බ්ල බ්ලා නායකත්වය දරන හලාවත මේරියන්ස් කණ්ඩායමද සමත් විය.

ඒ ඊයේ දින පැවති අර්ධ අවසන් පූර්ව තරඟවලින් ජයග්‍රහණය කල SSC සහ යුධ හමුදා කණ්ඩායම් පරාජය කරමිනි.

තරඟ සාරාංශයන්.

NCC vs යුධ හමුදා කණ්ඩායම

කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් NCC කණ්ඩායමට පන්දුවාර 49.3ක් අවසානයේ රැස් කරගත හැකි වූයේ ලකුණු 194ක්පමණි.

පැතුම් නිස්සංක, හසිත බෝයගොඩ, මහේල උඩවත්ත වැනි ක්‍රීඩකයන් අසාර්ථක වෙද්දී නායක ඇන්ජලෝ පෙරේරා සහ සහන් ආරච්චිගේපිලිවෙලින් ලකුණු 46ක් සහ 56ක් රැස් කරමින් ඉනිමට යම් ජවයක් ලබා දුන්නද ඔවුන්ට ලකුණු 200 සීමාව පසු කිරීමට ඉඩ ලැබුනේ නැත.

බැලූ බැල්මට පහසු ඉලක්කයක් වූ ලකුණු 195ක ඉලක්කය හඹා ගිය යුධ හමුදා කණ්ඩායමට දැවැන්ත පීඩනයක් එල්ල කල NCC කණ්ඩායම සිය ලකුණු ප්‍රමාණය ආරක්ශා කිරීමට සියලු උත්සාහයන් දැරූ අතර එම උත්සාහයන් සාර්ථක වෙමින් යුධ හමුදා කණ්ඩායමලකුණු 172කට සීමා කිරීමට ඔවුන් සමත් විය.

කණ්ඩායම අවසාන මහා තරඟය වෙත රැගෙන යෑමට මහත් උත්සහයක් දැරූ දිනේශ් චන්දිමාල් ලකුණු 91ක් රැස් කලද අවසානයේ එමඋත්සහයද නිශ්ඵල විය.

ලකුණු සටහන

NCC – 194/10 ( 49.3)

ඇන්ජලෝ පෙරේරා 46, සහන් ආරච්චිගේ 56, හේශාන් හෙට්ටිආරච්චි 34/3, අසේල ගුණරත්න 34/2

යුධ හමුදා කණ්ඩායම 172/10 (42.1)

දිනේශ් චන්දිමාල් 91, තිසර පෙරේරා 16, දිලෙශ් ගුණරත්න 18/3 , සචිදු කොලඹගේ 54/3

NCC කණ්ඩායමට ලකුණු 22ක ජයක් හිමි විය.

හලාවත මේරියන්ස් vs සිංහල ක්‍රීඩා සමාජය

කාසියේ වාසිය දිනූ හලාවත මේරියන්ස් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කලේ කණ්ඩායම හඹා යෑමේ ශක්තිය පිලිබඳවවිශ්වාසය තබමිනි.

එම විශ්වාසයට සාධාරණයක් ඉටු කල හලාවත මේරියන්ස් පිල SSC කණ්ඩායම ‍රැස් කල ලකුණු 277 පහසුවෙන් හඹා ගියේ පන්දු 20ක්සහ කඩුලු 3ක් ඉතුරුවෙන පරිදිය.

ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් SSC පිල පන්දුවාර පනහ අවසානයේ ලකුණු 277ක් රැස් කලේ ඉතා හොඳ ඉලක්කයක් ප්‍රතිවාදී පිලට ලබාදෙමිනි.

එහිදී සචිත්‍ර සේනානායක විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් ලකුණු 86ක් රැස් කල අතර ඔහුට අනගි සහයක් ලබා දුන් සම්මු අශාන් ලකුණු71ක් රැස් කලේය.

ලකුණු 278ක අභියෝගාත්මක ඉලක්කය ඉතා පහසු ඉලක්කයක් ලෙස හඹාගිය හලාවත මේරියන්ස් කණ්ඩායම කඩුලු 7ක් දැවී තිබියදීඉලක්කය සම්පූර්ණ කිරීමට සමත් විය.

එහිදී අර්ධ අවසන් පූර්ව තරඟයේදීද ශතකයක් රැස් කල ඉන්දීය ක්‍රීඩක සමිත් ගාධිගන්කෝර් මෙම තරඟයේදිද ලකුණු 99ක් රැස් කරමින්කණ්ඩායම ජයග්‍රහණය සඳහා රැගෙන ගියේය.

ඔහුට අනගි සහයක් ලබා දුන් නායක ශෙහාන් ජයසූරිය අර්ධ ශතකයක් රැස් කරමින් ලකුණු 57ක් රැස් කලේය.

ලකුණු සටහන

SSC කණ්ඩායම 277/8 (50)

සචිත්‍ර සේනානායක 86, සම්මු අශාන් 71, ශෙහාන් ජයසූරිය 20/2, අසිත ප්‍රනාන්දු 1/63

හලාවත මේරියන්ස් 279/7 (46.4)

සමිත් ගධිගන්කෝර් 99, ශෙහාන් ජයසූරිය 57, ධම්මික ප්‍රසාද් 62/3

හලාවත මේරියන්ස් පිලට කඩුලු 3ක ජයක් හිමිවිය.

අවසාන මහා තරඟය දෙසැම්බර් 31 දින කොලඹ SSC ක්‍රීඩාංගණයේ පැවත්වීමට නියමිතය.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top