[vc_row][vc_column][vc_column_text]එල් පී එල් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය පැවැත්වීම සදහා රජයේ අනුමැතිය ලැබී තිබේ. නියම වූ සෞඛ්‍ය ක්‍රමවේදයන්ට යටත්ව තරගාවලිය පැවැත්වීම නිසා, නියම වූ පරිදි අදාළ (නොවැ 21වැනිදා ) දිනයට තරගාවලිය පැවැතිවීමට නොහැකි වුවත් හැකි ඉක්මනින් තරගාවලිය පැවැත්විය හැකි බව තරගාවලියේ අධ්‍යෂක රවීන් වික්‍රමරත්න මහතා පැවසුහ.
මෙම රැස්වීමෙන් පසුව තරගාවලියේ සියලුම තරග සුරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නිර්දේෂණය වී ඇත. මීට පෙර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්රීඩාංගණයත් තරග පැවැත්වීමට නියම වුවත් සෞඛ්‍ය ක්‍රමවේදයන්ට යටත්ව බබල් ක්‍රමවේදයන්ට පැවැත්වීම හේතුවෙන් සුරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රිකට් ක්‍රීඩාංගණය පමණක් යොදා ගැනීමට තීරණය කොට ඇත.
විදෙස් ක්‍රීඩකයන්ගේ නිරෝදායනය දින හතක් දක්වා අඩු කිරීමට එහිදී තීරණය වී ඇත. විකාශන කාර්ය මණ්ඩලය සහා අනෙකුත් අය දින 14 නිරෝදායනය විය යුතු බවට එහිදී තීරණය වී ඇත.
මෙම රැස්වීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් , සෞඛ්‍ය ඇමති පවිත්‍රා වන්නිආරච්ච් , ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ , ක්‍රීඩා අධ්යක්ෂ ජනරාල් අමල් එදිරිසුරිය අතර පවත්වා තිබේ. මෙහි අවසන් තීරණය හෙට ( 5වෙනිදා ) අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ පැවැත්වීමට නියමිතයි. එම සාකච්ඡාවෙන් අනතුරුව සෞඛ්‍ය මාර්ගෝපදේශ හෙට දිනයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන්ට භාර දීමට සෞඛ්‍ය බලධාරීන් බලාපොරොත්තු වේ[/vc_column_text][/vc_column][/vc_row]