[vc_row][vc_column][vc_column_text]ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලායේ පළමු පුහුණු තරගයෙන් දකුණු අප්‍රිකාව හමුවේ ශ්‍රී ලංකාව පරාජය වුණා. ඇඩිලේඩ්හිදී පැවැති තරගය නිමා වීමෙන් පසු දෙපිළේ ක්‍රීඩිකාවන් යළි පුහුණු වීම් සිදු කළා. එම අවස්ථාවේ තමා දෙසට පැමිණි උඩ පන්දුවක් රැක ගැනීමට උත්සාහ කිරීමේදී එය නිසි පරිදි වටහා නොගැනීම නිසා පන්දුව එෂානි ලොකුසූරියගේ හිසෙහි වැදී තිබේ. එම අවස්ථාවේ වහාම ක්‍රියාත්මක වූ වෛද්‍ය කණ්ඩායම් ඇට රෝහලට රැගෙන ගිය අතර පසුව වාර්තා වුනේ එෂානි ලොකුසූරිය නැවත කණ්ඩායම නවාතැන් ගන්නා හෝටලයට පිටත් කළ බවයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු පවසා ඇත්තේ එෂානි ලොකුසූරියට එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන පුහුණු තරගය මගහැරී යන බවයි. නමුත් ඇයට ලෝක කුසලානය ආරම්භ වීමෙන් පසුව ලබන 22 වැනිදා නවසීලන්ත කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරගය ක්‍රීඩා කිරීමේ හැකියාව ලැබෙනු ඇති බවද චමරි අතපත්තු පවසා තිබෙනවා[/vc_column_text][/vc_column][/vc_row]