එළඹෙන වසරට අදාළ ශ්‍රී ලංකා ක්‍රිකට් කාලසටහන නිකුත් කෙරේ

2024 වර්ෂය සදහා වන ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ තරගාවලි කාලසටහන අද දිනයේදී නිවේදනය කොට ඇත. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම එළඹෙන වසර තුළ දැනට සැලසුම් කොට ඇති ජාත්‍යන්තර තරගාවලි 11කට ක්‍රීඩා කිරීමට නියමිත ය. එළඹෙන වසරේ ජුනි හා ජූලි මාසවලදී පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය ද ඊට ඇතුළත් ය.

ශ්‍රී ලංකා කණ්ඩායම එළඹෙන ජජනවාරි මසදී සිම්බාබ්වේ කණ්ඩායම සමගින් එක්දින හා විස්සයි විස්ස තරග 3 බැගින් ක්‍රීඩා කරන අතර අනතුරුව ඇෆ්ගනිස්තානය සමගද එක් ටෙස්ට් තරගයක්, විස්සයි විස්ස හා එක්දින තරග 3 බැගින් ක්‍රීඩා කිරීමට නියමිතය. මාර්තු මස බංග්ලාදේශය සමගින් ටෙස්ට් තරග 2ක්,එක්දින තරග 3 හා විස්සයි විස්ස තරග 3කට ක්‍රීඩා කිරීමට නියමිතය.

එළඹෙන වසරේ ජූලි මාසයේදී ඉන්දියාව සමගින් එක්දින හා විස්සයි විස්ස තරග 3කටද අනතුරුව එංගලන්තයට එරෙහිව ටෙස්ට් තරග 3කටද ක්‍රීඩා කරනු ඇත. නැවත වරක් ඔක්තෝබර් නොවැම්බර් මාස වලදි බටහිර ඉන්දීය කොදෙව් හා නවසීලන්තය සමග එක්දින තරග හා විස්සයි විස්ස තරග 3 බැගින් ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකාවේ සංචාරයට එක්වන්නේ ටෙස්ට් තරග 2ක් වෙනුවෙනි.

දෙසැම්බර් මසදී නවසීලන්තය සමග එක්දින හා විස්සයි විස්ස තරගාවලියකට ශ්‍රී ලංකාව ක්‍රීඩා කරනු ඇත. එම තරගාවලි අතුරින් සිම්බාබ්වේ, ඇෆ්ගනිස්ථාන, ඉන්දියා, නවසීලන්ත හා බටහිර ඉන්දීය කොදෙව් තරගාවලි මෙරටදී පැවැත්වෙයි.

Back To Top