Headline
#INDvSL |Sri Lanka Vs India 2nd Test Day 2 Photo’s
‍‍ජාතික ලීග් කාන්තා බේස් බෝල් තරගාවලියේ ශූරතාව ශ්‍රී ලංකා යුද හමුදාවට
තේරීම් කමිටුවෙන් පුහුණුකරු ධූරයට මාරු වූ දිල්රුවන්
ශාරුජන් ශංමුගනාදන් අගනා ශතකයක්
වයස අවුරුදු 19 න් පහළ බාලක ශූරතාව හිමිකර ගැනීමට රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයට
ශ්‍රී ලංකාව පරදා දකුණු අප්‍රිකාව ට පළමු තරගය පහසු ජයක්
තුන්වැනි එක් දින තරගය ජය ශ්‍රී ලංකා වයස අවුරුදු 17 න් පහළ ක්‍රිකට් කණ්ඩායමට
පොදු රාජ්‍ය මණ්ඩලයීය කරාතේ තරගාවලියේදී රන් පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කම්
ඩර්බන්හි කිංග්ස් මීඩ් ක්‍රීඩාංගනයේදී පිතිකරුවන් අසරණ වෙයි
ආයතන තුළ සිදුවන වංචා, දූෂණ කෙළින්ම අපිට කියන්න – ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ

ඔරු පැදීමේ ක්‍රීඩිකා මහේෂි ලියනගේ අවසන් පූර්ව වටයට

[vc_row][vc_column][vc_column_text]

ඔරු පැදීමේ ක්‍රීඩිකා මහේෂි ලියනගේ Hangzhou හි පැවැත්වෙන 19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ Fuyang ජල ක්‍රීඩා මධ්‍යස්ථානයේ පැවති කාන්තා ඒකල ඔරු පැදීමේ Sculls ඉසව්වෙන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට සමත් විය. සමඟ පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව බවට පත්විය.

මහේෂි මීටර් 2000 දුර ප්‍රමාණය නිමා කළේ මිනිත්තු 08 තත්පර 53.68ක කාලයක් වැයකරමින්. ඇයගේ ප්‍රතිවාදියා වූ සෞදි ක්‍රීඩිකා අල්මාමි හයා මුහම්මද් එම තරගය අවසන් කිරීමට මිනිත්තු 9 තත්පර 18.16ක කාලයක් වැයවිය.

අද දිනයේ පැවති අනෙකුත් ඉසව් තුනේදීම ඉදිරි වටයන්ට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අපොහොසත් වූ අතර මහේෂි ලියනගේ සහ ජයනි හිරුණිකා කාන්තා ද්විත්ව ස්කල් ඉසව්වෙන් 5 වැනි ස්ථානයට පත් විය.

පිරිමි කේවල ඉසව්වේදී මොහොමඩ් නෆිරාන් 4 වැනි ස්ථානයට පත් වූ අතර, පිරිමි ද්විත්ව ස්කල් ඉසව්වෙන් නුවන් සම්පත් හා නෆිරාන් තරග වැදුණු අතර ඔවුන් ඊළඟ වටයට පිවිසීමට අපොහොසත් විය.

ඊයේ පැවති බීච් වොලිබෝල් ඉසව්වලදී චතුරිකා මධුෂානි සහ දීපිකා බණ්ඩාර කාන්තා මූලික වටය තරග දෙකකට සහභාගි විය. එහිදී ශ්‍රී ලංකාව චීනය හමුවේ තරග වට 2-0ක් ලෙස පරාජය වූ අතර කසකස්තානයට එරෙහිව තරග වට 2-1ක් ලෙස තියුණු තරගයකින් පසු පරාජයට පත් විය.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top