ක්‍රීඩාවෙන් ඉදිරියට යා හැකි ලස්සන රටක් තුළ පොහොසත් රටක් නිර්මාණය කිරීමේ ජාතික මෙහෙවර ආරම්භ කොට ඇති බව නියෝජ්‍ය ක්‍රීඩා අමාත්‍ය සුගත් තිලකරත්න මහතා සදහන් කොට ඇත. ඔහු මේ බව සදහන් කොට ඇත්තේ සිව්වන ජාතික දුනු විදීමේ ශූරතාවලියේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.
ශ්‍රී ලංකා දුනු විදීමේ සංගමය විසින් සංවිධානය කල මෙම ශූරතාවයලිය කොලොන්නාව උමගුලිය ක්‍රීඩාංගණයේ දින 03 ක් පැවැත්වූ අතර, මේ සදහා ක්‍රීඩා සමාජ දහයක් නියෝජනය කරමින් ඉසව් 29 කට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 311 දෙනෙක් සහභාගී විය.
නියෝජ්‍ය ක්‍රීඩා අමාත්‍ය සුගත් තිලකරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් වෙත පදක්කම් සහ සහතික පත් පිරිනැමූ අතර එහිදි අදහස් දැක්වූ සුගත් තිලකරත්න මහතා මෙලෙසින් සිය අදහස් ප්‍රකාශ කොට ඇත.
” ක්‍රීඩාවෙන් දේශපාලනය සම්පූර්ණයෙන්ම ඉවත් කරනවා. සියලුම ක්‍රීඩාවන් ඔලිම්පික් තරගාවලියට රැගෙන යාමේ සැළසුම් 2025 ජනවාරි මාසේ මුල් සතියේම ආරම්භ කරනවා. රටේ ක්‍රීඩාව එකතැන පල් වෙන්න දෙන්න බැහැ. ක්‍රීඩා සමාජ තුල තිබෙන ප්‍රශ්ණ අපි කඩිනමින් නිරාකරණය කරනවා.”
” ඔබලා වගේම ක්‍රීඩකයෙක් විදියට ඔතන ඉදගෙන මමත් මේ වගේ කතා අහලා තියෙනවා. අපි ඒ කතාවන් යථාර්තයක් බවට පත් කරමු. ක්‍රීඩාවේ පුනරුද යුගය ආරම්භ කරන්න සූදානම් වෙමු. දුනු විදීමේ ක්‍රීඩාව වගේම අපේ රටේ තිබෙන සියළුම ක්‍රීඩා ජාත්‍යතර ජයග්‍රහණ කරා රැගෙන යාමේ වගකීම් අප සතුව තිබෙනවා. 2028 අපි ඔලිම්පික් බලාපොරොත්තු තබාගත හැකි වසරක් කරමු. ලස්සන රටක් පොහොසත් රටක් තේමාව ක්‍රීඩාව තුළින් යතාර්ථයක් බවට පත් කිරීමට අපි එකට එකතු වෙමු.”