ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව කාන්තා 20 යි 20 ලෝක කුසලානයේ අවසන් තරගයට

[vc_row][vc_column][vc_column_text]ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන කාන්තා 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට සත්කාරක ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව සමත් වුණා.

තරගාවලියේ අවසන් පූර්ව තරග සිඩ්නි හිදී පැවැති අතර වර්ෂාව හේතුවෙන් පළමු තරගය පැවැත්වීමට හැකි වුණේ නැහැ. පළමු අවසන් පූර්ව තරගය පැවැත්වුණේ ඉන්දියාව සහ එංගලන්තය අතර. නමුත් එම තරගය එක් පන්දුවක් හෝ නොයවා අතහැර දැමුණා. තරගාවලියේ මූලික වටයේදී වැඩි දක්ෂතා දක්වා තිබූ ඉන්දියාව අවසන් තරගයට සුදුසුකම් ලැබුවා. දෙවැනි අවසන් පූර්ව තරගය පැවැත්වුණේ ඔස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව අතර. එහි පළමුවෙන් පන්දුවට පහර දුන් ඔස්ට්‍රේලියාව පන්දු වාර 20 අවසානයේ කඩුලු 5 ක් දැව ලකුණු 134 ක් රැස් කළා. මෙග් ලෙනින් නොදැවී ලකුණු 49 යි.  පන්දු යැවීමේදී නදීන් ඩි ක්ලාක් කඩුලු 3 ක් බිද හෙලුවා.

පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකාව පන්දු වාර 13 ක් අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 92 ක් ලබා සිටියදී තරගයට වර්ෂාවෙන් බාධා ඇති වුණා. ඒ අනුව ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව ඔස්ට්‍රේලියාව තරගය ජය ගත්තේ ලකුණු 5 කින්. ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව අතර තරගාවලියේ අවසන් තරගය ලබන 8 වැනිදා මෙල්බර්න්හිදී පැවැත්වීමට නියමිතයි.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top