ඕනෑම පන්දු යවන්නෙකුට ඕනෑම මොහොතක මුහුණ දීමට සූදානම් – මෙහෙදි හසන්

[vc_row][vc_column][vc_column_text]ආසියානු කුසලාන එක්දින තරගාවලිය මේ දිනවල දී ක්‍රියාත්මක වෙයි. තරගාවලියේ ඊයේ දිනයේ පැවති තරගයකදී බංග්ලාදේශය වෙනුවෙන් විශිෂ්ට ශතකයක් වාර්තා කිරීමට මෙහෙදි හසන් මිරාස් සමත් විය. තරගයෙන් අනතුරුව අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ පකිස්ථාන වේග පන්දු යවන ක්‍රීඩක ශහීන් අෆ්රිඩි හෝ වෙනත් ගොඩක් පන්දු යවන්නෙකු ට මුහුණ දීමේදී තමා නොසැලී සිටින බවයි.

ඊයේ දිනයේදී මෙහෙදි හසන් ආරම්භක පිතිකරු ධුරයට උසස් වීම් ලැබූ අතර ඔහු එහිදී පන්දු 119 තුළ හතරේ පහර හතක් හා හයේ පහර තුනක් සමගින් ලකුණු 112ක් රැස්කොට සිටියදී ආබාධිත තත්ත්වයක් හේතුවෙන් ක්‍රීඩා පිටියෙන් ඉවත් විය. ඔහුගේ එම ශතකය බංග්ලාදේශ ලකුණු පුවරුව ලකුණු 334 දක්වා ඔසවා තැබීමට දායක විය. ඊයේ දින පැවති මාධ්‍ය හමුවේ දී කිසිදු බංග්ලාදේශ මාධ්‍යවේදියකු පැමිණ නොසිටි අතර පාකිස්තාන මාධ්‍යවේදීන් ඉදිරි තරග පිළිබඳ ඔහුගෙන් විමසා සිටියහ.

” ඕනෑම් පන්දු යවන්නෙකු ට ඕනෑම අවස්ථාවක දී මුහුණ දීමට මම සූදානම්. එක් දින තරග වල ආරම්භක පිතිකරු ලෙස ක්‍රීඩා කිරීම මට අලුත් ගමනක්. මීළඟ තරගයේත් ආරම්භක පිතිකරු ලෙස ක්‍රීඩා කරණ හම්බුනොත්, මම විශ්වාස කරනවා එම ස්ථානයේ ක්‍රීඩා කිරීමට මට හැකියාව තියෙනවා කියලා.”

” ශහීන් අෆ්‍රිඩි ද ඇතුළුව කිසිදු පන්දු යවන්නෙකු ට මුහුණ දීමට සිදුවීම ගැන මම කණස්සල්ලට පත් වෙන්නේ නෑ. මට ඕනේ මං ක්‍රිස් එකේ ඉද්දි හොඳට සෙල්ලං කරන්න විතරයි. මේක මට හොඳ අවස්ථාවක්. ආරම්භක පිතිකරු තනතුර හම්බුන්නැතත් ඉහළ පෙළේ ක්‍රීඩා කරන්න හමුවෙයි කියලා විශ්වාස කරනවා.”

[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top