ඕෂධ ප්‍රනාන්දුගෙන් සටන්කාමී ශතකයක්. නමුත් පාකිස්තානය ජයග්‍රහණය පෙනන මානයට

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා – පකිස්ථාන දෙවන ටෙස්ට් තරඟයේ සිව්වන දිනය නිමාවන විට ළකුණු 476ක ජයග්‍රහි ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු හතක් දැවී ලකුණු 212ක් ලබා අසීරු තත්ත්වයක පසුවේ. මේ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් දිනයේදී කඩුලූ තුනක් අතැතිව තවත් ලකුණු 212ක් ලබා ගැනීම හෝ පන්දුවාර 90ක් ආරක්ෂාවී ජය පරාජයෙන් තොරව තරගය නිම කර ගැනීමේ අභියෝගයට මුහුණදී සිටී.

අද දිනයේ සුවිශේෂී සිදුවීම ලෙස ශ්‍රී ලංකාව පැත්තෙන් ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු ඕෂධ ප්‍රනාන්දු ලබාගත් ශතකය කැපී පෙණුණි. මෙය ඔහුගේ මංගල ටෙස්ට් ශතකය වන අතර හතරේ පහර 13ක් ඔහුගේ ශතකයට අන්තර්ගත කොට තිබුණි. ඔහුට අනගි සහයක් ලබාදුන් නිරෝෂන් දික්වැල්ල වේගවත් ළකුණු 65ක් පන්දු 76 කදී ලබාගත් අතර එයට ඔහු හතරේ පහර 11ක් එක් කිරීමට සමත්විය. අන් කිසිදු ශ්‍රී ලංකා පිතිකරුවෙකුට ළකුණු 20 සීමාවට හෝ ලගාවීමට නොහැකි වීම කණගාටුදායක කරුණක් විය.

අද දිනය ආරම්භ වනවිට කඩුලු දෙකක් දැවි ළකුණු 395ක් ලබාසිටි පාකිස්ථාන කණ්ඩායම දිවා ආහාරය වනවිට කඩුලු 3ක් දැවී ලකුණු 551ක් ලබා ඉනීම අත්හිටුවීමට තීරණය කළහ. මෙහිදී පාකිස්තානය වෙනුවෙන් මුල් පිතිකරුවන් සිව්දෙනාම ශතක වාර්තා කළ අතර එය සටහන් වූයේ ලෝක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ දෙවන වතාවට එලෙස සිදුවූ සිදුවීමක් ලෙසටය.

හෙට තරගයේ අවසන් දිනය වේ.

පාකිස්තානය 191 – 10 / 551 – 3
ශ්‍රී ලංකාව 271 – 10 / 212 – 7 ( ජයග්‍රාහි ඉලක්කය 476) ඕෂධ ප්‍රනාන්දු 102* නිරෝෂන් දික්වැල්ල 65

චානා[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top