ඕස්ට්‍රේලියානු ප්‍රභලයන් දෙදෙනකුට එංගලන්තයට එරෙහි තරගය අහිමි වෙයි.

ඔස්ට්‍රේලියාවේ ලෝක කුසලාන ඉදිරි ගමනට තවත් බාධාවක් එල්ල වී ඇත. ඒ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක මිචෙල් මාෂ් පෞද්ගලික හේතූන් මත යළිත් ඕස්ට්‍රේලියාව බලා ගොස් තිබීම හේතුවෙන්. ඒ අනුව මිචෙල් මාෂ් එංගලන්තයට එරෙහිව පැවැත්වෙන තරගය වෙනුවෙන් ක්‍රීඩා නොකරනු ඇත

එමෙන්ම ඕස්ට්‍රේලියානු සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක ග්ලෙන් මැක්ස්වෙල්ටද එංගලන්තයට එරෙහිව පැවැත්වෙන තරගය අහිමි වී ඇත. මාකස් ස්ටොයිනිස් නෙදර්ලන්තයට සහ නවසීලන්තයට එරෙහිව පැවති අවසන් තරඟ දෙකෙන් ඉවත් කොට තිබුණේ ආබාධයට ලක්වීම හේතුවෙනි. නමුත් ඔහු මේ වන විට සුවය ලබා සිටින නිසාවෙන් කණ්ඩායමට එක්වීමට නියමිතය.

ෂෝන් ඇබට් සහ ඇලෙක්ස් කේරි සමඟින් එංගලන්තය සමඟ ගැටුමට ඔස්ට්‍රේලියාවේ තේරීම් කටයුතු වෙනුවෙන් ඇත්තේ ක්‍රීඩකයන් 13ක් පමණි. ඒ හේතුවෙන් මානස් ලබුශේන්ග් හා කැමරන් ග්‍රීන් එංගලන්ත තරගයට කැදවීමට වැඩි ඉඩක් පවතී

Back To Top