ඕස්ට්‍රේලියාවට පහසු ජයක්

සංචාරක පකිස්ථාන කණ්ඩායම සමග පැවති පළමු එක් දින තරගය ඕස්ට්‍රේලියාව ජය ගත්තා. තරගය පැවැත්වුණේ මෙල්බන් ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී.

පළමුවෙන් පන්දුවට පහර දුන් පකිස්ථාන කණ්ඩායම පන්දු වාර 46.4 කදී සියලු ක්‍රීඩකයින් දැවී රැස් කල ලකුණු සංසංඛ්‍යාව 203 ක්. මොහොමඩ් රිස්වාන් ලකුණු 44 ක් ලබා ගත්තා. නසීම් ෂා ලකුණු 40 යි. පන්දු යැවීමේදී මිචල් ස්ටක් කඩුලු 3ක් බිඳ හෙලීමට සමත් වුණ. පැට් කමින්ස් සහ ඇඩ්ම් සම්පා අතර කඩුලු 2 බැගින් බෙදී ගියා. පිළිතුරු ලෙස ඕස්ට්‍රේලියාව පන්දුවාර 33.3 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 204 ක් රැස් කරමින් තරගයේ ජය වාර්තා කලා. ජොශ් ඉන්ග්ලිශ් ලකුණු 49 ක් ලබා ගත්තා .ස්ටීවන් ස්මිත් ලකුණු 44 යි.

Back To Top