ලෝක ශූරතා ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ අවසාන තරගයට සුදුසුකම් ලැබිමට ඕස්ට්‍රේලියාව සමත්වුණා.
ඒ ඉන්දියාව සමග පැවති 5 වැනි ටෙස්ට් ක්‍රිකට් තරගය කඩුලු 6 කින් ජයගනිමින්. ඒ අනුව, ලෝක ශූරතා ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට පිවිසීමට ශ්‍රී ලංකාවට තිබු අවස්ථාව අහිමිව යනවා.
ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර 5 වැනි ටෙස්ට් ක්‍රිකට් තරගය පැවැත්වුණේ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරදි. පළමු ඉනිමට ඉන්දියාව රැස් කළ ලකුණු සංඛ්‍යාව 185 ක්. ඕස්ට්‍රේලියා පළමු ඉනිම ලකුණු 181 කට සීමා වුණා.
අනතුරුව දෙවනි ඉනිම සඳහා ඉන්දියාව රැස් කළේ ලකුණු 157 ක් පමණයි. වැඩිම ලකුණු ලාභියා වූ රිෂාබ් පාන්ට් ලකුණු 61 යි.
පන්දු යැවීමේදි ස්කොට් බෝලන්ඩ් කඩුලු 6 ක් දවා ගත්තා. තරගය ජය ගැනීම සඳහා ඕස්ට්‍රේලියාවට හිමිවු ඉලක්කය ලකුණු 162 ක්.
ඔවුන් කඩුලු 4 ක් දැවී ජයග්‍රාහී සීමාව පසු කළා. උස්මාන් කවාජා ලකුණු 41 යි. බීයු වෙබ්ස්ටර් නොදැවී ලකුණු 39 ක් සහ ට්‍රැවිස් හෙඩ් නොදැවී ලකුණු 34 ක් රැස් කළා. පන්දු යැවීමේදි ප්‍රසීද් ක්‍රිෂ්නා කඩුලු 3 යි.
ඒ අනුව, ඕස්ට්‍රේලියාව තරගාවලිය ජයගත්තේ තරග 3 ට 1 ක් ලෙසයි. තරගයේ වීරයා ඕස්ට්‍රේලියාවේ ස්කොට් බෝලන්ඩ්. ඉන්දියවේ ජස්ප්‍රිට් බුම්රා තරගාවලියේ වීරයායි.