[vc_row][vc_column][vc_column_text]දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් තරග තෙවන දිනටත් අද කත්මණ්ඩු නුවරට ආසන්නයේ පිහිටා ඇති ත්‍රිබූවින් විශ්වවිද්‍යාල ක්‍රීඩාංගණයේදී පැවැත්වුණි. මෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවන තරම් වේ ලෙස මාලදිවයින කණ්ඩායම සමගින් අද පස්වරුවේ තරග වැදුණි. මෙහිදී කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා වයස අවුරුදු 23 න් පහළ කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට පහර දීමට තීරණය කරන ලදී.
ශ්‍රී ලංකා ආරම්භය ඊයේ දින මෙන් යහපත් නොවූ අතර ඊයේ දින ළකුණු 148ක ආරම්භක කඩුල්ලේ සම්බන්ධතාවයක් පැවැත්වූ නිශාන් හා පැතුම් දෙදෙනාම ළකුණු 29ක් වනවිට ක්‍රීඩාගාරයේ ප්‍රේක්ෂකයන් බවට පත්කිරිමට මාලදිවයින් පන්දු යවන්නන් සමත්විය. අනතුරුව පිටියට එක්වූ උපනායක කමිඳු මෙන්ඩිස් හා නායක චරිත් අසලංක ලකුණු 72ක් කරා ශ්‍රී ලංකා ලකුණු පුවරුව ඉහළ දැමූ අතර ළකුණු 72දී නායක අසලංක දැවීගිය අතර අනතුරුව තරගයේ සම්පූර්ණ පාලනය සියතට ලබාගත් කමිදු මෙන්ඩිස් පිටිය සිසාරා පහරවල් එල්ල කරමින් මාලදිවයින පන්දු යවනන් අසරණ කිරීමට සමත්විය. විශේෂයෙන්ම පිටියේ අංශක 360ම ආවරණය වන පරිදි පන්දුවට පහරදුන් කමිදු සිය ශතකය පන්දු 54කදී වාර්තා කරගනු ලැබුවේ අලංකාර හතරේ පහර 10ක් හා හයේ පහර 3ක් ඊට අන්තර්ගත කරමිනි. කමිදුට අනගි සහයක් ලබාදෙමින් අනෙක් අන්තයේ සිටි අශේන් බණ්ඩාර ළකුණු 26ක් පන්දු 14ක් තුළදී ලබා ගැනීමට සමත්විය. ශ්‍රී ලංකා වයස අවුරුදු 23න් පහළ කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේදී කඩුලු 4ක් දැවී ළකුණු 192ක් ලබා ගැනීමට සමත්විය.
ළකුණු 193ක දැවැන්ත ළකුණු සංඛ්‍යාවක් හඹායාමට පිටියට පැම්ණි මාලදිවයින කණ්ඩායම තරගයේ ආරම්භයේදී ශ්‍රී ලංකා වේගපන්දු යවනන් ඉදිරියේ තරමක් හොදින් පිත්ත හැසිරවූ අතර නමුත් ශ්‍රී ලංකා දගපන්දු යවනන් පන්දු යැවීම ආරම්භ කළ සැනින් මාලදිවයින් කණ්ඩායමේ සියලු බලාපොරොත්තු අවසන්විය. මෙම තරගමාලාවේ සිය ප්‍රථම තරගයට ක්‍රීඩා කළ නිශාන් පීරිස් සාර්ථක පන්දු යැවීමක නිරත වෙමින් පන්දුවාර 4 ළකුණු 9 කට සීමා කළ අතර ඔහුගේ පන්දුවාර 4 තුළ කඩුලු 2ක් බිද හෙළීමට ඔහු සමත්විය.. ළකුණු ලබා නොදුන් පන්දු 15ක් ඔහු යොමුකර තිබීම කැපී පෙණුණි. ඔහුට අනගි සහයක් ලබාදුන් කොළඹගේ ළකුණු 15කට එක් කඩුල්ලක් දවා ගැනීමට සමත්විය. එසේම වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු නිළකුණු පන්දුවාර 1 සමගින් ළකුණු 14කට කඩුලු 2ක් බිද හෙළන ලදි. නමුත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු යැවීමේදී මීට වඩා සාර්ථක වීම අනිවාර්ය අතර මීළඟට අනිද්දා පැවැත්වෙන බංගලාදේශ තරගය පහසු නොවනු ඇත. කෙසේ නමුත් මාලදිවයින කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 9ක් දැවී ළකුණු 94ක් ලබා ගත් අතර මේ අනුව ශ්‍රී ලංකාවට ළකුණු 98 ක ජයක් හිමිවිය. මේ ජයත් සමගින් ශ්‍රී ලංකාව දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් තරගමාලාවේ පිරිමි අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගන්නා ලදි.
ශ්‍රී ලංකාව 192 – 4 (20) කමිදු 102*, අශේන් 26* , ඊබ්‍රාහිම් 1 -17
මාලදිවයින 94 -9 (20) මොහිමඩ් රිශ්වාන් 29 නිශාන් පීරිස් 2 – 9 , අසිත ප්‍රනාන්දු 2 -14
-චානක මධුසාගර-[/vc_column_text][/vc_column][/vc_row]