[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා කරාතේ දෝ සම්මේලනයෙහි ලියාපදිංචිය වහාම ක්‍රියාත්මක වන පරිදි අගෝස්තු මස 28වනදා අත්හිටුවන බව ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ නිවේදනය කළේය. එමෙන්ම එම සංගමයේ කටයුතු තවදුරටත් පවත්වා ගැනීමට අතුරු පාලක කමිටුවක් ද පත් කෙරිණි. කරාතේ සම්මේලනය සඳහා අතුරු පාලක කමිටුවක් පත් කළේ ඇයි. මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම සදහා මාධ්‍ය හමුවක් 2023.09.06 වන දින මහවැලි කේන්ද්‍රයේ දි පැවත්වුණා.
අතුරු කමිටුවක් පත් කළේ රජයේ විගණන කාර්යාංශයට ලද පැමිණිලි පරීක්ෂා කිරීමෙන් ලද වාර්තාව අනුව වරද ඔප්පු වීම නිසා ක්‍රීඩා පනතට අනුකූලව ක්‍රීඩා අමාත්‍යවරයා වෙත පැවරී ඇති බලතල අනුව එම වැරදි නිවැරැදි කිරීමට මෙම අතුරු පාලක කමිටුව පත් කොට ඇත.
” මේක අවුරුදු 48ක් පරණ සම්මේලනයක්. ලෝක කරාතේ සම්මේලනයේ ශූරතා නීති රීති අවුරුද්දෙන් අවුරුද්ද වෙනස් වෙනවා. අපේ පුහුණුකරුවෝ විනිසුරුවරුන් ඒව ගිහින් ඉගෙන ගන්න ඕනි. මේ සම්මේලනයට පිලිගන්න පුලුවන් ව්‍යවස්ථාවක් නෑ. එදා තිබ්බ ව්‍යවස්ථාවමයි තවම තියෙන්නෙ.ව්‍යවස්ථාව අනුව සාමාජික ගාස්තුව රුපියල් 25. දිස්ත්‍රික් කමිටු, තේරීම් කමිටු ගැන කිසිම දෙයක් මේකෙ නෑ. මේකට තාක්ෂණික අත්පොතක් හදන්න ඕන. නිලධාරීන් මාරු වෙද්දි මේව වෙනස් කරන්න ගියොත් මොකඳ වෙන්නෙ. අපි ක්‍රීඩා ඇමතිවරයට කියනවා ජාතික ප්‍රතිපත්තියක් හදන්න කියලා කරාටෙ ක්‍රීඩාවටත්. අලුත් දිස්ත්‍රික් සංගම්, පළාත් සංගම් පිහිටුවලා ක්‍රීඩකයන්ටට විනිසුරුවරුන්ටට ඡන්ද අයිතිය දෙන්න. අලුත් ව්‍යවස්ථාව හදලා ඒ විදියට කරොත් සිදුවන වංචා දූෂණ වලක්වා ගන්න අපිට පුලුවන් වෙයි.”[/vc_column_text][/vc_column][/vc_row]