ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා, නව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව සමග සාකච්ඡාවක් සිදු කොට ඇත. මෙම සාකච්ඡාවකට තේරීම් කමිටු සභාපති උපුල් තරංග සහ තේරීම් කමිටු සාමාජිකයන් වන අජන්ත මෙන්ඩිස්, දිල්රුවන් පෙරේරා, ඉන්දික සේරම් සහභාගි විය.
එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ කාර්‍ය සාධන මධ්‍යස්ථායේ පුහුණු උපදේශක ලෙස පත් කෙරෙනු සනත් ජයසූරිය ද මෙම සාකච්ඡාවට සහභාගි විය. මෙම සාකච්ඡාවේදී නව තේරීම් කමිටුවේ නවීන සහ උපායශීලී සැලසුම් පිළිබඳව සාකච්ඡා කොට ඇති බවටයි වාර්තා වන්නේ. ක්‍රීඩා අමාත්‍යවරයා සිය ෆේස්බුක් ගිනුමෙහි තැබූ සටහනක දැක්වූයේ මෙරට ක්‍රිකට් ක්‍රීඩාව නැවත පෙරලිකාර විජයග්‍රාහී තැනකට ඔසවා තැබීමේ හැකියාව ඔවුන් සතුව ඇති බවට සැකයක් නොමැති බවයි.