ක්ලිෆර්ඩ් කුසලාන පිළිමලුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ ශූරතාව හිමි කර ගැනීමට මහනුවර කණ්ඩායම අද සමත් වුණා. ඔවුන් මෙම ශුරතාව දිනූ 22 වැනි අවස්ථාව මෙයයි.
මහනුවර සහ සීආර් ඇන්ඩ් එෆ්සී කණ්ඩායම් අතර අවසන් තරගය අද පැවැත්වුණේ මහනුවර නිත්තවෙල ක්‍රීඩාංගණයේදී. ආරම්භයේ සිටම දෙපිලම තියුණු තරගයක නිරතවූ අතර, පළමු අර්ධයේදී මහනුවර ක්‍රීඩකයින් ලකුණු 17 ක් රැස් කළා. සීආර් ක්‍රීඩකයින් එම අර්ධයේදී ලබාගත් ලකුණු සංඛ්‍යාව 14 ක්. දෙවැනි අර්ධයේදී මහනුවර කණ්ඩායම තවත් ලකුණු 27 ක් සහ සීආර් කණ්ඩායම තවත් ලකුණු 19 ක් රැස් කළා. ඒ අනුව නියමිත කාලය අවසන් වුණේ ලකුණු 41 ට 33 ක් ලෙස තරගයේ ජය මහනුවර කණ්ඩායමට හිමි කර දෙමින්. ජයග්‍රාහී කණ්ඩායම ගෝල දිනුම් 5 ක් සහ දඩුවම් පහර දෙකකින් ලකුණු රැස් කළා. මහනුවර කණ්ඩායම වෙනුවෙන් දිලුක්ෂ දන්දේ, නයිජර් රත්වත්ත, කෙනුල හෙට්ටිආරච්චි, දිල්ෂාඩ් ෆාරිඩ් සහ හේෂන් ජැන්සන් උත්සහක දිණුම් ලබා ගත්තා. මෙවර තරග සමයේ ලීග් ශූරතාව සහ පිළිමලුන් පිටුදැකීමේ ක්ලිෆඩ් කුසලානය මහනුවර කණ්ඩායම හිමි කර ගැනීම විශේෂත්වයක්. අවසන් තරගයේ දක්ෂතම ක්‍රීඩකයා වූ නයිජර් රත්වත්තේ මහනුවර කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ අවසන් තරගයද මෙයයි.