ක්‍රිකට් ආයතනය සියලුම දේශීය තරගාවලි නවතා දමයි!

[vc_row][vc_column][vc_column_text]වහාම ක්රියාත්මක වන පරිදි ශ්රී ලංකා ක්රිකට් ආයතනය විසින් පවත්වනු ලබන සියලුම දේශීය තරඟාවලි නතර කිරීමට ක්රිකට් ආයතනය තීරණය කොට ඇත. ඒ අනුව මේ දිනවල ක්රියාත්මක අන්තර් සමාජ තුන්දින තරඟාවලිය සහ ආරාධිත ක්රීඩා සමාජ B මට්ටමේ තුන්දින තරඟාවලිය ඇතුලු සියලු දේශීය ක්රිකට් තරග අද දිනයේ සිට නවතා ඇත.

අභියාචනා උපදේශක කමිටු තීන්දුවක් අනුමත කිරීමෙන් අනතුරුව ක්රීඩා හා යෞවන කටයුතු අමාත්ය රොෂාන් රණසිංහ විසින්, මෙම තීරණය ගෙන ඇත. ඒ අනුව ක්රීඩා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් 2023 අගෝස්තු 25 වැනි දින ශ්රී ලංකා ක්රිකට් ආයතනයට මේ පිළිබඳව ලිඛිතව දැනුම් දී ඇත.

ඒ අනුව ශ්රී ලංකා ක්රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන සියලුම දේශීය ක්රිකට් තරගාවලි පිළිබඳව පැහැදිලි කිරීමක් සිදුකිරීමක් කරන තුරු එම තරගාවලි අත්හිටුවීමට ශ්රී ලංකා ක්රිකට් ආයතනයට සිදුව තිබේ.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top