ක්‍රිකට් කමිටුවේ මුල් පුටුව අරවින්දට

[vc_row][vc_column][vc_column_text]තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය ගරු නාමල් රාජපක්ෂ මහතා විසින් ලබාදෙන ලද නිර්දේශ සැලකිල්ලට ගනිමින් අරවින්ද ද සිල්වාගේ සභාපතිත්වයෙන් යුත් ‘ක්‍රිකට් කමිටුවක්’ පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබීය.

දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් ක්‍රියාත්මක ක්‍රිකට් ක්‍රීඩාවේ ගුණාත්මක භාවය ඉහළ නංවාලීම සඳහා වූ තීරණ තීන්දු ගැනීම සම්බන්ධව සිව් දෙනෙකුගෙන් සමන්විත එම ක්‍රිකට් කමිටුව ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ සමීපව කටයුතු කරනු ඇත.

අරවින්ද ද සිල්වා මහතාට අමතරව හිටපු තරග තීරකවරයකු වන රොෂාන් මහානාම, ලොව වැඩිම ටෙස්ට් සහ එක්දින කඩුලු ලාභී මුත්තයියා මුරලිදරන් සහ සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර එම කමිටුවේ සාමාජිකයෝ ලෙසින් කටයුතු කරති.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top