[vc_row][vc_column][vc_column_text]යෝජිත හෝමාගම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග ජ්‍යෙෂ්ථ ක්‍රිකට් ක්‍රීඩකයින් අද අරලියගහා මැදුරේදී හමුවිය.
ජ්‍යෙෂ්ථ ක්‍රිකට් ක්‍රීඩකයින් වන සනත් ජයසූරිය, රොෂාන් මහානාමා, කුමාර් සංගක්කාර, මහේලා ජයවර්ධන සහ ලසිත් මාලිංග යන මහත්වරු මෙම අවස්ථාවට සහභාගී වූහ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් පාලකමණ්ඩලයේ සමාජිකයන් කිහිපදෙනෙකුත් එයට සහභාගී වුහ.
“එය ඉතා හොඳ සාකච්ඡාවක්, මේ මොහොතේ පාසල් හා අනෙකුත් ක්‍රිකට් යටිතල පහසුකම් සංවර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතු බව අපි ජ්‍යෙෂ්ථ ක්‍රිකට් ක්‍රීඩකයින් විදිහට අපි දැනුවත් කළා. දැවැන්ත ක්‍රීඩාංගන ඉදිකිරීමට කාලය මෙය නොවේ ”යැයි හිටපු නායක සනත් ජයසූරිය රැස්වීමෙන් පසුව නිව්ස්වයර් වෙත පැවසීය.