ක්‍රිකට් ක්‍රීඩා කරන්න තවදුරටත් බලන් ඉන්න බෑ – ධනුෂ්ක ගුණතිලක

[vc_row][vc_column][vc_column_text]

ශ්‍රී ලංකා ප්‍රහාරාත්මක පිතිකරු ධනුෂ්ක ගුණතිලකට එල්ල වූ චෝදනා සියල්ලෙන්ම ඔහුව නිදොස් කොට නිදහස් කෙරුණා. එම තීන්දුව ලැබීමෙන් අනතුරුව මාධ්‍ය වෙත ධනුෂ්ක මෙලෙසින් අදහස් දක්වා තිබුණා.

” මම ස්තුතිවන්ත වෙනවා මේ අමාරු කාල සීමාව ඇතුලත මට උදව් කරපු අයට. අවසාන මාස 11 මට ඇත්තටම අමාරු කාලයක් වුණා. විශේෂයෙන් මගේ නීතිඥවරුන්ට. මගේ කළමනාකරු. මගේ දෙමව්පියන්. වගේම මට ලංකාවේ කිහිපදෙනෙක් උදව් කරා. ඒ අයටත් ස්තුතියි. හැමෝම මාව විශ්වාස කරා. ඒක මට ලොකු හයියක් වුණා. කවුද බොරු කරේ කවුද නැත්තෙ කියලා අද තීන්දුවෙන් ඔප්පු වුණා.”

” මගේ ජීවිතය නැවතත් සාමාන්‍ය තත්ත්වයට පත්වීම ගැන මම සතුටු වෙනවා. ඒ නිසා මට ක්‍රිකට් ක්‍රීඩා කරන්න තව දුරටත් බලන් ඉන්න බෑ. මාව විශ්වාස කර මට සහාය දුන් සැමට මම ස්තූති කිරීමට කැමතියි[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top