ක්‍රිකට් වර්ජනයක් ගැන පළ වන කතාව සම්පූර්ණ අසත්‍යයක්! ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ එල්ල වන විවේචන ඉදිරියේදීත් පැවතුනහොත් තරග වර්ජනය කිරීමක නිරත වන බවට තමන් කිසි විටෙක ප්‍රකාශ කර නැතැයි ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා පවසයි. ඒ මහතා සඳහන් කළේ යැයි සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන අසත්‍ය ප්‍රචාරණයන්ට පිළිතුරු දෙමින් ක්‍රිකට් සභාපතිවරයා එලෙස අදහස් දැක්වීය.

“ක්‍රිකට් ක්‍රීඩා සම්බන්ධව වන විවේචන ඉදිරියටත් පැවැතිය හොත් තරග වර්ජනය කිරීමක නිරත වීමට සූදානම් වන බවට මා පැවැසූයේ සමාජ මාධ්‍යයන් අතර මේ දිනවල සංසරණය වන පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය පුවතක් බව මේ වෙලාවේ මා සඳහන් කළ යුතුයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා වශයෙන් එවැනි ආකාරයේ වගකීම් විරහිත ප්‍රකාශයක් මා කිසි විටෙක සිදු කරලා නෑ. ඒක සම්පූර්ණයෙන්ම බොරුවක්” යැයි පවසන ශම්මි සිල්වා මහතා, “ජයග්‍රහණය වගේම පරාජයත් එක වගේ දරා ගන්න ක්‍රීඩකයන්ට වගේම ක්‍රිකට් ආයතන නිලධාරින්ටත් ශක්තිය තියෙන බව මා සඳහන් කරන්න කැමැතියි” යැයි සිල්වා මහතා සඳහන් කර සිටියි.

ක්‍රිකට් වලට ආදරය කරන හැම දෙනාම මේ වෙලාවේ කණගාටුවෙන් ඉන්න බව ඇත්ත. මා දකින විදියට මේ තත්ත්වයට අපි පිළිතුරු දිය යුත්තේ ප්‍රකාශ හරහා නොවෙයි. කණ්ඩායමක් හැටියට ජයග්‍රාහී මාවතට අවතීර්ණ වෙලයි. ඒ සඳහා පරිපාලනය පැත්තෙන් ගත හැකි සෑම උත්සාහක්ම අපි ගන්නවා. ක්‍රීඩාවට ආදරය කරන ක්‍රීඩා ලෝලීන් වෙනුවෙන් මේ වෙලාවෙ මට කියන්නේ තියෙන්නේ ක්‍රිකට් සම්බන්ධව පළ වන මේ ආකාරයේ අසත්‍ය ප්‍රකාශ පිළි නොගන්නා ලෙසයි” යැයි සිල්වා මහතා වැඩිදුරටත් කරුණු දක්වා සිටියේය.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top