Headline
#INDvSL |Sri Lanka Vs India 2nd Test Day 2 Photo’s
‍‍ජාතික ලීග් කාන්තා බේස් බෝල් තරගාවලියේ ශූරතාව ශ්‍රී ලංකා යුද හමුදාවට
තේරීම් කමිටුවෙන් පුහුණුකරු ධූරයට මාරු වූ දිල්රුවන්
ශාරුජන් ශංමුගනාදන් අගනා ශතකයක්
වයස අවුරුදු 19 න් පහළ බාලක ශූරතාව හිමිකර ගැනීමට රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයට
ශ්‍රී ලංකාව පරදා දකුණු අප්‍රිකාව ට පළමු තරගය පහසු ජයක්
තුන්වැනි එක් දින තරගය ජය ශ්‍රී ලංකා වයස අවුරුදු 17 න් පහළ ක්‍රිකට් කණ්ඩායමට
පොදු රාජ්‍ය මණ්ඩලයීය කරාතේ තරගාවලියේදී රන් පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කම්
ඩර්බන්හි කිංග්ස් මීඩ් ක්‍රීඩාංගනයේදී පිතිකරුවන් අසරණ වෙයි
ආයතන තුළ සිදුවන වංචා, දූෂණ කෙළින්ම අපිට කියන්න – ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ

ක්‍රිකට් විනය කඩ කළ යොවුන් ක්‍රීඩකයින් 5 කට තරග තහනම්

[vc_row][vc_column][vc_column_text]වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පසුගියදා අවසන් වුණේ ඉතිහාසයේ පළමු වරට ලෝක ක්‍රිකට් කුසලානයක හිමිකාරීත්වය බංග්ලාදේශයට හිමි කර දෙමින්. ඔවුන් හමුවේ අවසන් තරගයේදී පරායට පත් වුණේ සිව්වරක් යොවුන් ලෝක කුසලානයේ හිමිරුවන් වූ ඉන්දියාවයි.

නමුත් අවසන් තරගයෙන් පසුව මහත්වරුන්ගේ ක්‍රීඩාවේ මහත්මා ගතියට කළු පැල්ලමක් එක් කරමින් දෙපිළේ ක්‍රීඩකයින් අතර ගැටුමක් ඇති වුණා.ඒ හේතුවෙන් කණ්ඩායම් දෙකෙහි ක්‍රීඩකයින් 5 දෙනෙකුට තරග තහනම් සහ සෘන ලකුණු ලබා දීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන තිබෙනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශ කර තිබෙන්නේ මෙම ක්‍රීඩකයින් ක්‍රිකට් විනය නීති උල්ලංඝනය කර ඇති බවයි.මෙලෙස දඩුවම් හිමිව තිබෙන්නේ බංග්ලාදේශ ක්‍රීඩකයින් වන මොහොමඩ් තව්හීද්, ශමීන් හොසේන් , රකිබුල් හසන් සහ ඉන්දීය ක්‍රීඩකයින් වන ආකාෂ් සිං සහ රවී බිශ්නෝයිට. මෙම තරගයේ තීරකවරයා ලෙස කටයුතු කළේ ශ්‍රී ලංකාවේ ග්‍රැහැම් ලැබ්රෝයි මහතායි.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top