[vc_row][vc_column][vc_column_text]ලොව ආකර්ෂණී විස්සයි-20 තරගාවලිය වන ඉන්දීය ප්‍රිමියර් ලීග් 2021 තරගාවලියට අදාළ ක්‍රීඩක වෙන්දේසිය අද දින (පෙබරවාරි 18) චෙන්නාහිදී පැවැත්වුණි. IPL ඉතිහාසයේ වැඩිම වටිනාකමක් ලබාගත් විදෙස් ක්‍රීඩකයා බවට දකුණු අප්‍රිකාණු තුන්-ඉරියව් ක්‍රීඩක ක්‍රිස් මොරිස් පත් විය. රාජස්ථාන් රෝයල්ස් හිමිකාරිත්වය විසින් (ඉන්දීය රුපියල් කෝටි16.25) ගෙවා ක්‍රිස් මොරිස් මිලදී ගැනීමට සමත් විය . ඉහළ වටිනාකමක් හිමි වූ ක්‍රීඩකයන් වන්නේ
ක්‍රිස් මොරිස් /ඉන්දීය රුපියල් කෝටි16.25(රාජස්ථාන් රෝයල්ස්)
කයිලි ජෙමීසන්/ ඉන්දීය රුපියල් කෝටි 15(රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර්)
ග්ලේන් මැක්ස්වෙල්/ ඉන්දීය රුපියල් කෝටි14.25 (රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර්)
ජේයි රිචඩ්සන් /ඉන්දීය රුපියල් කෝටි 14(පන්ජාබ් කිංග්ස්)
ක්‍රිෂ්නප්පා ගෞතම් /ඉන්දීය රුපියල් කෝටි 9.25(චෙන්නායි සුපර් කිංග්ස්)
රිලේ මෙරෙඩිත් /ඉන්දීය රුපියල් කෝටි 8(පන්ජාබ් කිංග්ස්)
මුයින් අලී /ඉන්දීය රුපියල් කෝටි 7(චෙන්නායි සුපර් කිංග්ස්).
ඇලෙක්ස් හේල්ස්, ජේසන් රෝයි, හනුමා විහාරි, එවින් ලිවයිස්, ආරොන් ෆින්ච් යන ප්‍රබල ක්‍රීඩකයන්ව මිලදී ගැනීමට කිසිඳු කණ්ඩායම් හිමිකරුවෙකු ඉදිරිපත් වූයේ නැති අතර තිසර පෙරේරා,කුසල් පෙරේරා, වනිඳු හසරංග, දසුන් ශානක, ඉසුරු උදාන, මහීෂ් තීක්ෂණ, දුෂ්මන්ත චමීර කෙවින් කොත්තිගොඩ, විජයකාන්ත් වියස්කාන්ත් යන කිසිඳු ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙක් මිලදී නොගත් අතර එබැවින් IPL 2021 තරගවාරය ඔවුන්ට අහිමි වනු ඇත.[/vc_column_text][/vc_column][/vc_row]