ක්‍රිස් ලයන් ගේ ප්‍රහාරය නිසා මරාතා ඇරබියන්ස් පිලට දෙවන ජයත් හිමි වෙයි.

[vc_row][vc_column][vc_column_text]T10 තරඟාවලියේ තෙවන දිනය වූ අද තරඟාවලියේ දහවන තරඟය මරතා අරබියන්ස් සහ ටීම් අබුඩාබි අතර පැවත්විනි.

මෙම තරඟය දෙපිලටම ජයග්‍රහණය කිරීමට අත්‍යවශ්‍ය තරඟයක් වූ අතර කාසියේ වාසිය ටීම් අබුඩාබි කණ්ඩායමේ මොයින් අලී දිනාගත්අතර ඒ ආරාධනය පිලිගත් මරතා අරබියන්ස් පිල පන්දුවාර 10 අවසානයේ දැවන්ත ලකුණ ප්‍රමාණයක් ලෙස ලකුණු 134ක් ලකුණු පුවරුවටඑක් කිරීමට සමත් විය.

ටීම් අබුඩාබි පන්ඩු යවන්නන් ප්‍රේක්ෂකයන් බවට පත් කල ඔස්ට්‍රේලියානු ප්‍රහාරාත්මක පිතිකරු ක්‍රිස් ලයන් T10 තරඟ ඉතිහාසයේපිතිකරුවෙක් වාර්තා කල හොඳම ඉනිම අද දිජ වාර්තා කලේය.

ටීම් අබුඩාබි පන්දු යවනන් අන්ත අසරණ කරමින් පන්දු 30කදී ලකුණු 91ක් රැස් කලේ දැවන්ත හයේ පහරවල් නවයක් පිටිය සිසාරා එල්ලකරමිනි.

ඇඩම් ලයිත් පන්දු 18කදී ලකුණු 30ක් රැස් කලේ හයේ පහරවල් 4ක් එල්ල කරමිනි.

ජයග්‍රහණයක් අත්‍යවශ්‍යම මොහොතක පන්දු 60කදී ලකුණු 139ක දැවැන්ත ඉලක්කය හඹා යාමට පිටියට පිවිසි ටීම් අබුඩාබි කණ්ඩායමට රැස් කරගත හැකි වූයේ ලකුණු 114ක් පමණි.

නිරෝශන් දික්වැල්ල ලකුණු 14ක් පමණක් රැස් කරමින් දැවී යද්දී ලුක් රයිට් ලකුණු 40ක් රැස් කලද එය ජයග්‍රහණයට ප්‍රමාණවත් නොවීය.

නායක මොයින් අලී ලකුණු 30ක් රැස් කලේය.

ලසිත් මාලිංග පන්දු වාර දෙකකදී ලකුණු 13ක් පමණක් ලබා දුන් අතර වනිදු හසරංග එක් කඩුල්ලක් ලබා ගැනීමට සමත් විය.

මෙම පරාජයත් සමඟ ටීම් අබුඩාබි කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ තෙවන ස්ථානය දක්වා පසු බසින්නට විය.

තරඟයේ වීරයා සම්මානය විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කල ක්‍රිස් ලයන්ට හිමි විය.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top