ක්‍රිස් ලියන්ගේ ප්‍රහාරය දිල්ලිය අසරණ කරයි

[vc_row][vc_column][vc_column_text]අබුඩාබි T10 තරඟාවලියේ 19 වන තරඟය ලෙස  ඔයින් මෝර්ගන් නායකත්වය දරණ දිල්ලි  බුල්ස් කණ්ඩායම හා ඩ්වේයින් බ්‍රාවෝ  නායකත්වය දරණ මරාතා ඇරබියන්ස් කණ්ඩායම අතර අද පැවත් වුණි..

තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ දිල්ලි බුල්ස් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කළ අතර එම තීරණය අභියෝගයකට ලක් කරමින් ඇරබියන්ස් කණ්ඩායම සිය පන්දුවාර 10 අවසානයේදී කඩුලු 4ක් බිදවැටී ළකුණු 146ක දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් ලබා ගැනීමට සමත් විය. මෙහිදී ඇරාබියන්ස් කණ්ඩායම  වෙනුවෙන්  සුපුරුදු ප්‍රහාරය දියත් කළ ක්‍රිස් ලියන් පන්දු 33 කදි හතරේ පහර 5ක් හා හයේ පහර 9ක් සමගින් ලකුණු 89ක් ලබා ගැනීමට සමත් විය. පන්දු යැවීමේදී  බුල්ස් කණ්ඩායම වෙනුවෙන් අලි ඛාන් කඩුලු 2ක් බිද හෙළන ලදි..
 
තවදුරටත් තරගාවලිය රැඳී සිටීමට නම්  ලකුණු 147ක ජයග්‍රහණ ඉලක්කයක් හඹා යාමට පිටියට පැමිණි බුල්ස් සිය පන්දුවාර 20 අවසානයේදි ලබා ගැනීමට හැකිවූයේ කඩුලු 3ක් දැවී ළකුණු 116ක් පමණි.. දිල්ලි ඉනීමේ වැඩිම ළකුණු ලාභියා බවට පත්වූ කුසල් ජනිත් පෙරේරා පන්දු 27 කදී ළකුණු 45ක්  ලබා ගැනීමට සමත්විය. පන්දු යැවීමේදී ඇරබියන්ස්  වෙනුවෙන් ලසිත් මාලිංග ළකුණු 10කට එක් කඩුල්ලක් ලබා ගන්නා ලදි.
 
මරාතා ඇරෙබියන්ස් 146 – 4 ලියන් 89 , ඇඩම් 20
අලි ඛාන් 2 – 15
 
දිල්ලි බුල්ස් 116 -3 කුසල් පෙරේරා 45 ,රදර්ෆර්ඩ් 41    මාලිංග 1 -10

[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top