[vc_row][vc_column][vc_column_text]බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පල්ලෙකැලේ අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු 20 යි 20 තරගයට පෙර පැවැති මාධ්‍ය හමුවට එක් වෙමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ලසිත් මාලිංග මේ බව කියා සිටියා.
ඔහු පෙන්වා දෙන්නේ මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් දැඩි විශ්වාසයකි තරගයට ක්‍රීඩා කරන බවයි. එය ජයග්‍රහණ ලබා ගැනීම වෙනුවෙන් විශේෂයෙන් බලපෑම් එල්ල කරන බවද ඔහු කියා සිටියා. කණ්ඩායමේ ක්‍රීඩකයින් දීර්ඝ කාලීනව සිදු කළ කැප කිරීම් වල ප්‍රතිඵලයක් ලෙස මේ වන විට කණ්ඩායම යළිත් ජයග්‍රාහී මාවතට පිවිස තිබෙන බවයි ලසිත් මාලිංග පවසන්නේ. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩාමට එරෙහිව පැවැති එක්දින තරගාවලියේදී පිතිකරුවන් ලෙස කුසල් මෙන්ඩිස් , අවිශ්ක ප්‍රනාන්දු, ධනංජය ද සිල්වා වැනි ක්‍රිඩකයින් හොදින් ලකුණු අතරට පැමිණි බවත් වනිදු හසරංග තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස දැක්වූ දක්ෂතා පිළිබදව සතූටු වන බවත් ලසිත් මාලිංග වැඩි දුරටත් කියා සිටියා. දීර්ඝ කාලයකින් පසුව ඇන්ජලෝ මැතිව්ස් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ බව පැවසූ ලසිත් මාලිංග කියා සිටියේ මේ වන විට කණ්ඩායමේ පන්දු රැකීම ද ඉහළ මට්ටමකට පැමිණ ඇති බවයි.
නව පුහුණුකාරීත්වයෙන් ලැබෙන සහයෝගයද ප්‍රයෝජනට ගෙන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 20 යි 20 තරගාවලියද එක්දින තරගාවලිය මෙන්ම සාර්ථකව අවසන් කරනු ඇති බවට තමා විශ්වාස කරන බවද ලසිත් මාලිංග කියා සිටියා.[/vc_column_text][/vc_column][/vc_row]