කාන්තා 20 යි 20 ලෝක කුසලානයේ පළමු ජය ඉන්දියාවට

[vc_row][vc_column][vc_column_text]ලෝක කුසලාන කාන්තා 20 යි 20 ක්‍රිකට් තරගාවලිය ඔස්ට්‍රේලියාවේදී ආරම්භ වුණේ කණ්ඩායම් 10 ක සහභාගීත්වයෙන්. එහි පළමු තරගය සත්කාරක ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර සිඩ්නි හිදී පැවැත්වුණ‌ා.

තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියාව පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ඉන්දියාවට ලබා දුන්නා. ඉන්දීය කණ්ඩායම පන්දු වාර 20 අවසානයේදී කඩුලු 4 ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 132 ක්. දීප්ති ශර්මා නොදැවී ලකුණු 49 ක් රැස් කළේ පන්දු 43 කට මුහුණ දෙමින්. ෂෆාලි වර්මා ලකුණු 29 ක් සහ ජෙමියා රොඩ්‍රිගස් ලකුණු 26 ක් රැස් කළා. පන්දු යැවීමේදී ජෙස් ජොනසන් කඩුලු 2 යි.

පිලිතුරු ලෙස ඔස්ට්‍රේලියා කණ්ඩායමට පන්දු වාර 19 යි පන්දු 5 ක් අවසානයේදී සියලු ක්‍රීඩකයින් දැවී රැස් කිරීමට හැකි වුණේ ලකුණු 115 ක් පමණයි. ඇලීසා හේලි පන්දු 35 කදී ලකුණු 51 ක් රැස් කළා. ඔහුගේ ඉනිමට 4 පහර 6 ක් සහ 6 පහරක් ඇතුලත්. ඇෂී ගාඩ්නර් ලකුණු 34 යි. පන්දු යැවීමේදී පූනම් යාදේව් ලකුණු 19 කට කඩුලු 4 ක් බිද හෙලුවා. ෂීකා පාන්ඩේ කඩුලු 3 යි. ඒ අනුව ඉන්දීය කණ්ඩායම තරගය ජය ගත්තේ ලකුණු 17 කින්.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top