කාන්තා 20 යි 20 ලෝක කුසලානය ඔස්ට්‍රේලියාවේදී

[vc_row][vc_column][vc_column_text]ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සංවිධාන කරන 20 යි 20 කාන්තා ලෝක කුසලාන 20 යි 20 ක්‍රිකට් තරගාවලිය පෙබරවාරි මස 21 වැනිදා සිය මාර්තු මස 8 වැනිදා දක්වා ඔස්ට්‍රේලියාවේදී පැවැත්වෙනවා. ඒ රටවල් 10 ක සහභාගීත්වයෙන්. තරගාවලියේ මූලික තරග ඒ හා බී ලෙස කාණ්ඩ 2 ක් යටතේ පැවැත්වෙනවා.

තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය පැවැත්වෙන්නේ සත්කාරක ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර. ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියේ පළමු තරගයට මුහුණ දෙන්නේ නවසීලන්තයට එරෙහිව . එම තරගය ලබන 22 වැනිදා පර්ත්හි වකා ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි. චමරි අතපත්තු ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් තරගාවලිය ආරම්භයට පෙර පුහුණු තරග 2 ක සහභාගී වූ අතර ඒ දකුණු අප්‍රිකාව සහ එංගලන්තයට එරෙහිවයි. පළමු තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය වුණා. නමුත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් දෙවැනි තරගය ජය ගත්තේ කඩුලු 10 කින්. ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියේ මූලික වටයේදී ඒ කාණ්ඩයෙන් තරග වදිනවා. ඊට ඇතුලත් සෙසු කණ්ඩායම් වන්නේ නවසීලන්තය, ඔස්ට්‍රේලියාව, ඉන්දියාව සහ බංග්ලාදේශයයි.

එංගලන්තය, දකුණු අප්‍රිකාව, බටහිර ඉන්දීය කොදෙව්, පාකිස්ථානය සහ තායිලන්තය බී කාණ්ඩය‌ට ඇතුලත්. තරගාවලියේ අවසන් තරගයත් ඇතුලුව තරග 23 ක් ලෝක කුසලානයේදී පැවැත්වෙනවා. තරග පැවැත්වෙන්නේ ඔස්ට්‍රේලියාවේ නගර 4 ක් කේන්ද්‍ර කර ගනිමින්. ඒ මෙල්බර්න්, පර්ත්, කැන්බරා සහ සිඩ්නි. මූලික වටයේදි ඒ හා බී කාණ්ඩයන්හි පෙරමුණ ගන්න‌ා කණ්ඩායම් 2 බැගින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබනවා. අවසන් පූර්ව තරග පැවැත්වෙන්නේ මාර්තු 5 වැනිදා සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. අවසන් තරගය මාර්තු මස 08 වැනිදා මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top