කාන්තා 20 – 20 ලෝක කුසලානය ඉලක්ක කොටගෙන සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලියක්

[vc_row][vc_column][vc_column_text]එළඹෙන වසරේ පෙබරවාරි මස 21 වනදා ඕස්ට්‍රේලියාවේදී ආරම්භ වීමට නියමිත කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය ඉලක්ක කොටගෙන සුපිරි පළාත් 20 – 20 ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කොට තිබෙනවා. පළාත් 4ක් නියෝජනය වන ආකාරයට කණ්ඩායම් හතරක සහභාගිත්වයෙන් මෙම තරගාවලිය කොළඹ සිංහල ක්‍රීඩා සමාජය ක්‍රීඩා පිටියේ (SSC) නොවැම්බර් මස 24 වන දා වනදා සිට 29 වනදා දක්වා පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බවට ශ්‍රී ලංකා ක්‍රිකට් නිවේදනය කර ඇත.

තරගාවලියට සහභාගි වන කණ්ඩායම් හතර වන්නේ කොළඹ කණ්ඩායම , දඹුල්ල කණ්ඩායම , ගාල්ල කණ්ඩායම හා නුවර කණ්ඩායමයි.. ඒ කණ්ඩායම් වල නායකත්වය පිළිවෙලින් ඕෂධී රණසිංහ , චමරි අතපත්තු , නිලක්ශි ද සිල්වා හා හර්ෂිතා මාධවී කටයුතු කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් නිවේදනයේ දක්වා තිබෙනවා.

තරග කාල සටහන
නොවැම්බර් 24 – දඹුල්ල V කොළඹ
නොවැම්බර් 24 – නුවර V ගාල්ල
නොවැම්බර් 25 – නුවර V දඹුල්ල
නොවැම්බර් 25 – කොළඹ V ගාල්ල
නොවැම්බර් 27 – දඹුල්ල V ගාල්ල
නොවැම්බර් 27 – නුවර V කොළඹ
නොවැම්බර් 29 – අවසන් මහා තරගය[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top