කැකිරාව රණජයපුර විද්‍යාලයේ ක්‍රිකට් පුහුණුවීම් සඳහා අලුතින් තණතීරු අතුරණයක්

[vc_row][vc_column][vc_column_text]කැකිරාව රණජයපුර විද්‍යාලයේ ක්‍රිකට් පුහුණුවීම් සඳහා යොදා ගන්නා තණතීරු අතුරණය (මැටින්) පිරිසක් විසින් පෙරේදා (13වැනිදා) සවස විද්‍යාලයීය ක්‍රීඩාගාරයේ තිබියදී ගිනි තබා තිබූ පුවතක් වාර්තා විය.

එම වාර්තාව පිළිබද අවධානය යොමු කල තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමා අද (15) දින එම ක්‍රීඩකයින් සහ නිළධාරීන් හට තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයට පැමිණෙන ලෙස ආරාධනා කර සිටියේය. එහිදී ඔවුන් සමග සාකච්ඡා කළ අමාත්‍යවරයා එම ක්‍රීඩකයින් මුහුණ දුන් තත්වය තේරුම් ගෙන ක්‍රිකට් ආයතනය හරහා ඔවුන්ට නව තණතීරු අතුරණයක් (මැටින්) ලබා දීමට කටයුතු කරන ලදි. එමෙන්ම ක්‍රිකට් භාණ්ඩ කට්ටල ඇතුලත් බෑග් 02 ක් ද ලබා දෙන ලදි. එම උපකරණ සමග කැකිරාව බලා යාමට ඔවුන් හට ප්‍රවාහණ පහසුකම්ද අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි ලබා දෙන ලදි.

ඉදිරියේදී එම දරුවන් හට එළිමහන් කායවර්ධන මධ්‍යස්ථානයක් සහ ක්‍රීඩා යටිතල පහසුකම් රැසක් ගොඩ නැගීම සදහා අවශ්‍ය කටයුතු සලසන ලෙස අමාත්‍යවරයා විසින් නිළධාරීන් හට උපදෙස් දෙන ලදි.

මෙම අවස්ථාවට රණජයපුර විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු අජිත් බණ්ඩාර ඇතුළු ක්‍රීඩකයින් පිරිසක් සහභාගී විය.

[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top