කුමාර් සංගක්කාරගේ අර්ධ ශතකය අපතේ යයි

මාස්ටර්ස් ලීග් 20/20 ක්‍රිකට් තරගාවලියේ ආරම්භක තරගයෙන් ලකුණු 4 ක් තියුණු ජයක් වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා. ඒ ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කරමින්.තරගාවලිය ඉන්දියාවේදී පැවැත්වෙනවා.

පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය මාස්ටර්ස් කණ්ඩායම පන්දු වාර 20 ඇතුළත කඩුලු 4 ක් දැවී ලකුණු 222 ක් රැස් කලා. බිනී ලකුණු 68 ක් රැස් කල අතර යූසුෆ් පතාන් නොදැවී ලකුණු 56 යි.පන්දු යැවීමේදී සුරංග ලක්මාල් කඩුලු 2 යි.

පිලිතුරු ලෙස ශ්‍රී ලංකා මාස්ටර්ස් කණ්ඩායම පන්දු වාර 20 ඇතුළත කඩුලු කඩුලු 9 ක් දැවී ලකුණු 218 ක් රැස් කලා. සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර පන්දු 30 කදී ලකුණු 51 ක් රැස් කලා. ජීවන් මෙන්ඩිස් ලකුණු 42 යි. පන්දු යැවීමේදී ඉර්ෆාන් පතාන් කඩුලු 3 ක් ලබා ගත්තා.

Back To Top