කුමාර් සංගක්කාර හා ඉර්ෆාන් පතාන් අතර සිදුවූ වචන හුවමාරුව

[vc_row][vc_column][vc_column_text]ඉන්දීය හිටපු තුන් ඉරියව් ක්‍රීඩක ඉර්ෆාන් පතාන් සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදීම නිළ වශයෙන් පසුගිය සෙනසුරාදා ප්‍රකාශයට පත් කළා. ඔහු ස්ටාර් ස්පෝට්ස් ආයතනය සමගින් සිදුකළ සාකච්ඡාවකදී ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩක කුමාර් සංගක්කාර සමග ඇතිවූ වචන හුවමාරුවක් පිළිබඳව සදහන් කළ සිටියා.

මෙම සිදුවීම 2005 වසර දක්වා ඈතට දියවන සිදුවීමක්. ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරයේ දෙවන ටෙස්ට් තරගය පැවතුනේ ඉන්දියාවේ අගනුවර වන නව දිල්ලිහි ෆෙරෝස් ෂා කොට්ලා ක්‍රීඩාංගණයේදී.

ඉන්දියාව සිය දෙවන ඉනීම ආරම්භ කරන්නේ ශ්‍රී ලංකාවට වඩා ළකුණු 60ක් ඉදිරියේ සිටිමින්. එදා තරගයට ආබාධයක් හේතුවෙන් ඉන්දීය සුපිරි ආරම්භක පිතිකරු විරේන්ද්‍ර ශෙවාග් සහභාගී නොවීම නිසා ඉන්දීය ප්‍රථම ඉනිමේ ආරම්භක පිතිකරුවන් බවට පත්වුණේ රාහුල් ඩ්‍රාවිඩ් සමගින් ගෞතම් ගාම්භීර්. නමුත් දෙවන ඉනිමේ යම් වෙනසක් සිදුකරමින් ගම්බීර් සමගින් ඉර්ෆාන් පතාන් ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසෙනවා. තමන් හට ලැබුණ අවස්ථාව මැනවින් ප්‍රයෝජනයට ගත් පතාන් මංගල ටෙස්ට් ශතක පෙනි පෙනී ළකුණු 93කට දැවීගියත් ඔහු ඉන්දීය ජයග්‍රහණයේ පෙරගමන්කරුවෙකු බවට පත් වෙන්නේ පන්දුවෙන් තරගය පුරා කඩුලු 4ක් බිද හෙළමින්.

එහිදී ඔහු හා සංගක්කාර අතර සිදුවූ සිදුවීම ඉර්ෆාන් මෙසේ පවසා තිබෙනවා ,

” ඒ වෙනකොට අපි තරගයේ ග්‍රහණය අප වෙතට ලබාගෙන තිබුණේ. ඒක කුමාර් සංගක්කාර පවා දැනගෙන සිටි නිසා ඔහු තරමක් කළබල වෙලා හිටියේ. ඒ මොහොතේදී මුත්තයියා මුරලිදරන් ඉතාම හොදින් පන්දු යවමින් සිටියා.නමුත් අපි ඔහුට කඩුලු ලබානොදෙමින් පන්දුවට පහරදුන් නිසා සංගක්කාරගේ ඉවසීම යම් දුරකට ගිලිහෙමින් තිබුණේ. කඩුලු රකිමින් සිටි සංගක්කාර එකවරම මට යමක් පැවසුවා. එය ගොඩක් පුද්ගලික දෙයක්. විශේෂයෙන්ම එහි මගේ මව හා පියා පිළිබඳව ඔහු සදහන් කර සිටියා. ඒ අවස්ථාවේදීම එයට පිළිතුරක් ලෙස මම කුමාර් සංගක්කාරටත් පෞද්ගලික කාරණයක් ඉලක්ක කොටගෙන පිළිතුරු ලබා දුන්නා. එහි සදහන් වෙලා තිබුණා සංගක්කාරගේ බිරිඳ සම්බන්ධයෙන් යම් කරුණු කිහිපයක්. ඒ අවස්ථාවේදී නම් සිදුවූ එම සිදුවීමට අප දෙදෙනාම කැමැත්තක් දැක්වූයේ නෑ.

අනතුරුව ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සංගා සමගින් මම එකම පිළකට ( කිංග්ස් ඉලෙවන් පංජාබ් ) ක්‍රීඩා කළා. දවසක් කුමාර් සංගක්කාරගේ බිරිද තරගය නැරඹීමට පැමිණි සිටියදී මම සිටින විටම ඔහු බිරිදගෙන් ඇසුවා ‘ මතකද මේ පුද්ගලයා කියලා. මොහු තමයි එදා ඔබ ගැනත් සදහන් කරමින් මා සමග පැටළුණු තැනැත්තා’ කියලා සංගක්කාර ඔහුගේ බිරිදට මාව හදුන්වා දුන්නා. මම ඒ අවස්ථාවේදී කුමාර් සංගක්කාරගේ බිරිදගෙන් එදා සිදුවූ සිදුවීමට සමාව ඉල්ලා සිටියා. නමුත් ඒ අවස්ථාවේදී සංගක්කාර තමා ප්‍රථමයෙන් මම (පතාන්) සමගින් වචන හුවමාරුවක නිරතවීම නිසා ඔහු මෙලෙස ප්‍රතිචාර දැක්වූ බව නිහතමානීව ඔහුගේ බිරිදට පවසා සිටියා.”

එම සිදුවීම එසේ අවසන් වූ බවත් අදටත් කුමාර් සංගක්කාර හා තමා හොදම මිතුරන් බවත් ඉර්ෆාන් පතාන් වැඩිදුරටත් පවසා සිටියා.

– චානක මධුසාගර -[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top