කුසල්ගේ තත්වය පිළිබඳව ඉන්දීය මාධ්‍ය තොරතුරු වාර්තා කරයි.

[vc_row][vc_column][vc_column_text]

ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා දකුණු අප්‍රිකාවට එරෙහිව සෙනසුරාදා නවදිල්ලියේ පැවැත්වෙන ලෝක කුසලාන ආරම්භක තරගයට සහභාගි වීම සැක සහිත බව The Hindu පුවත්පත වාර්තා කොට ඇත. නමුත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක දකුණු අප්‍රිකාවට එරෙහි තරගය ක්‍රීඩා කිරීමට නියමිත බවද එහි වැඩිදුරටත් සදහන් කොට ඇත.

පසුගිය සිකුරාදා බංගලාදේශයට එරෙහිව ශ්‍රී ලංකා පිලේ පෙරහුරු තරගයේදී සුලු ආබාධයන්ට ලක්වූ කුසල් පෙරේරා සහ ශානක යන දෙදෙනාම ඇෆ්ගනිස්තානයට එරෙහිව අද පැවැති පුහුණු තරගයට සහභාගි නොවූහ. ශානක නියත වශයෙන්ම දකුණු අප්‍රිකානු තරගයට එක් වනු ඇති බව හින්දු පුවත්පත වාර්තා කරයි. කෙසේ වෙතත්, ආරම්භක තරගය සඳහා පෙරේරා යථා තත්ත්වයට පත් වනු ඇතැයි අවිනිශ්චිත බවද එහි වැඩි දුරටත් සදහන්ය.

පසුගිය වසරේ උරහිසේ ශල්‍යකර්මයකට භාජනය වූ කුසල්ව අවදානමට ලක් කිරීමට කළමණාකාරීත්වයට අවශ්‍ය නොවන බවත් සෙනසුරාදා තරගයේදී පැතුම් නිශ්ශංකගේ ආරම්භක සහකරු ලෙස දිමුත් කරුණාරත්න වනු ඇති බවත් එම වාර්තා වල සටහන් වී ඇත.

මහෂ් තීක්ෂණ සම්පූර්ණ තරගාවලිය සඳහා නියත වශයෙන්ම ලබා ගත හැකි වනු ඇති බවද The Hindu පුවත්පතේ සදහන්ය.තීක්ෂණ බදාදා නවදිල්ලියේදී සංචිතයට එඑක්වීමට නියමිතය.

[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top