කුසල්ට අද තරගයේදී අලුත් වගකීමක්

[vc_row][vc_column][vc_column_text]එක්දින ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන දෙවන පුහුණු තරගය අද පැවැත්වෙනවා. ඒ ඇෆ්ගනිස්ථානයට එරෙහිවයි. තරගයේ කාසිය වාසිය දිනූ ඇෆ්ගනිස්ථානය පළමුව පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා කකණ්ඩායමට ආරාධනා කළා.

අද තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම කුසල් මෙන්ඩිස් වෙත පැවරී තිබෙනවා. අද දිනයේදී ආරම්භක පිතිකරු කුසල් පෙරේරාද විවේක ගන්වා තිබෙනවා. ශ්‍රී ලංකා නිත්‍ය නායක දසුන් ශානක ද අද දිනයේදී විවේක ගන්වා තිබෙනවා. ඒ ඔවුන් දෙදෙනාම ආබාධ තත්වයන්ගෙන් සුවය ලබමින් සිටින බැවිනි.

කුසල් පෙරේරා බංග්ලාදේශයට එරෙහි තරගයේදී උරහිස ආබාධයකට ලක්විය. නායක දසුන් ශානකටද එම තරගයේදී වැලමිට පෙදෙසේ ඇදීමක් ඇති වී තිබෙන අතර ඔහුද වෛද්‍ය ප්‍රතිකාර ලබන අතරතුර සුවය ලබමින් සිටියි[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top