කුසල් ජනිත් අද තරගයට ක්‍රීඩා කරන ලකුණු

[vc_row][vc_column][vc_column_text]ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි කණ්ඩායම් හතර තරග වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන පළමු තරගය අද පැවැත්වෙනවා. ඒ බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිවයි. අද තරගය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.

අද තරගය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම එක් වෙනස්කමක් සමගින් එක්වනු ඇතැයි වාර්තා වෙයි. ඒ අනුව අද තරගය වෙනුවෙන් කුසල් ජනිත් පෙරේරා ක්‍රීඩා කිරීමට නියමිත බව වාර්තා වෙයි. පැතුම් නිස්සංක හෝ සදීර සමරවික්‍රම යන ක්‍රීඩකයන් දෙදෙනාගෙන් එක් අයෙකු වෙනුවට කුසල් පෙරේරා ක්‍රීඩා කිරීමට නියමිත බවයි වාර්තා පළ වන්නේ. කුසල් පෙරේරා ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම නියෝජනය කරන්නේ වසර 2කට පසුවයි.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top