කුසල් ජනිත් ආරම්භක පිතිකරු තනතුරට ?

[vc_row][vc_column][vc_column_text]ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි කණ්ඩායම් හතර තරග වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන තීරණාත්මක තරගය අද පැවැත්වෙනවා. ඒ පාකිස්තාන කණ්ඩායමට එරෙහිවයි. අද තරගය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.

අද තරගය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම වෙන්ස්කම් දෙකක් සමගින් එක්වනු ඇතැයි වාර්තා වෙයි. ඒ අනුව අද තරගය වෙනුවෙන් කුසල් ජනිත් පෙරේරා ක්‍රීඩා කිරීමට නියමිත බව වාර්තා වෙයි. දිමුත් කරුණාරත්න වෙනුවට කුසල් පෙරේරා ක්‍රීඩා කිරීමට නියමිත බවයි වාර්තා පළ වන්නේ. කුසල් පෙරේරා ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම නියෝජනය කරන්නේ වසර 2කට පසුවයි.

එමෙන්ම අද දිනයේදී ශ්‍රී ලංකා නායක දසුන් ශානක ද විවේක ගන්වීමේ සූදානමක් පවතින බව වාර්තා වෙයි. යම් හෙයකින් එසේ වුවහොත් අද දිනයේදී කුසල් මෙන්ඩිස්ගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම තරග බිමට පිවිසෙනු ඇත[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top