කුසල් මෙන්ඩිස්ගෙන් ද්විත්ව ශතකයක්

[vc_row][vc_column][vc_column_text] කුසල් අද දිනයේදී සිය පළමු පෙළ පළමු ද්විත්ව ශතකයට හිමිකම් කීවේ නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කරමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා මාවත විවර කර දෙමිනි. පන්දු 300 කින් සමන්විත වුණු මෙන්ඩිස්ගේ ලකුණු 200 සඳහා ඔහු හයේ පහරක් සහ හතරේ පහර 24 ක් එල්ල කළේය. ලසිත් ඇඹුල්දෙණියට එරෙහිව එල්ල කරන ලද එම හයේ පහරත් සමඟ සිය පළමු පෙළ දිවියේ පළමු ද්විත්ව ශතකයට හිමිකම් කී මෙන්ඩිස් දෙපිළේම කැමැත්තෙන් නියමිත වේලාවට පෙර තරගය නතර කර දමනා විටත් සිය කඩුල්ල ආරක්ෂා කර ගෙන සිටියේය.

දිවා ආහාරයට පෙර යවන ලද අවසන් පන්දුවේදී මස් පිඬු පෙරැළීමේ ආබාධයකට ගොදුරු වුණු මෙන්ඩිස් දිවා ආහාරයෙන් පසු පන්දුවට පහර දීමට නොපැමිණියේය. ඒ වන විටත් ලකුණු ලකුණු 128 ක් ලබාගෙන සිටි කුසල් අනෙක් ශතක ලාභියා වූ ලසිත් අබේරත්න සමඟ සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 171 ක් රැස් කරමින් දීර්ඝ හඹා යෑමට අත්‍යවශ්‍යම පදනම එක් කර තිබුණහ.

මෙන්ඩිස්ගේ නොසිටි කාල සීමාවේදී වගකීම ගෙන පන්දුවට පහර දුන් ඉකුත් තරගයේදීද ශතකයක් රැස් කළ ලසිත් අබේරත්න පන්දු 166 කට මුහුණ දෙමින් ලකුණු 104 ක් ලබා ගත්තේය. හයේ පහර 5 කින් සහ හතරේ පහර 4 කින් සමන්විත වුණු අබේරත්නගේ දැවී යෑමත් සමඟ නැවතත් කුසල් මෙන්ඩිස් පිටියට පැමිණියේය.

ලසිත් ඇඹුල්දෙණියගේ පිට පිට පන්දු 2 කදී පන්දුව හතරේ සීමාවට යැවූ කුසල් ළහිරු මධුශංක සමඟ එක්වෙමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගිය ගමනට යළි නායකත්වය දුන්නේය. එහිදී නායකයාට මැනවින් සහයෝගය ලබා දුන් ළහිරු පන්දු 116 කට මුහුණ දී ලකුණු 63 ක් ලබා තරගය හමාර කරන තෙක්ම කඩුල්ල ආරක්ෂා කරගත්තේය. මොවුන් දෙදෙනා අතර 7 වැනි කඩුල්ලේ නොබිඳුණු සම්බන්ධතාවය ලකුණු 134 කි.

එන්. සී. සී. පන්දුවාර 125.3 කදී ලකුණු 467 යි – (චතුරංග ද සිල්වා 159, ළහිරු උදාර 111, සහන් ආරච්චිගේ 62, මහේල උඩවත්ත 77, උපුල් තරංග 16, ලසිත් ඇඹුල්දෙණිය 16, මාලින්ද පුෂ්පකුමාර 80/6 ළහිරු ගමගේ 66/2)

සී.සී.සී. පළමු ඉනිම 123 කදී කඩුලු 6 ට ලකුණු 480 යි – (කුසල් මෙන්ඩිස් 200*, ලසිත් අබේරත්න 104, මිනෝද් භානුක 33, ළහිරු මධුශංක 63*, රොන් චන්ද්‍රගුප්ත 19, අශාන් ප්‍රියන්ජන් 23, වනිඳු හසරංග 14, ළහිරු කුමාර 103/2, දුෂ්මන්ත චමීර 81/2)

හලාවත මේරියන්ස් – කෝල්ට්ස් 

කෝල්ට්ස් පන්දුවාර 72 කදී ලකුණු 302 යි – (සංතුෂ් ගුණතිලක 74, සංගීත් කුරේ 38, ඩිල්රුවන් පෙරේරා 58, අකිල ධනංජය 51*, නිපුන් මාලිංග 13, සධීර සමරවික්‍රම 12, අසිත ප්‍රනාන්දු 87/5, තික්ෂිල ද සිල්වා 65/2, ෂෙහාන් ජයසූරිය 54/2)

හලාවත මේරියන්ස් පන්දුවාර 101 කදී කඩුලු 9 කට ලකුණු 399 යි – (ලසිත් කෲස්පුල්ලේ 54, ඕෂධ ප්‍රනාන්දු 35, රුමේෂ් බුද්ධික 145, ෂෙහාන් ජයසූරිය 28, පුලින තරංග 15, කසුන් විදුර 68*, තික්ෂිල ද සිල්වා 20, ඩිල්රුවන් පෙරේරා 84/3, නිපුන් රන්සික 58/2, අකිල ධනංජය 72/2)

කෝල්ට්ස් පන්දුවාර 75 කදී කඩුලු 5 ට ලකුණු 227 යි – (සංතුෂ් ගුණතිලක 82, විශාද් රන්දික 32, සංගීත් කුරේ 57*, නිමේෂ් විමුක්ති 59/2)

රාගම – යුද හමුදාව

රාගම පළමු ඉනිම පන්දුවාර 144.3 කදී කඩුලු 9 ට ලකුණු 501 යි – (ජනිත් ලියනගේ 107*, සමින්ද ප්‍රනාන්දු 92, රොෂේන් සිල්වා 80, නිශාන් මදුෂ්ක 56, ඉෂාන් ජයරත්න 19, බිනුර ප්‍රනාන්දු 62, අමිල අපෝන්සු 44, යශෝධ මෙන්ඩිස් 74/3, ප්‍රසන්න සික්කුගේ 128/2, මල්ක මදුසංඛ 84/2)

යුද හමුදාව පළමු ඉනිම පන්දුවාර 59.1 කදී ලකුණු 189 යි – (හේෂාන් හෙට්ටිආරච්චි 54, දිනේෂ් චන්දිමාල් 50, දුෂාන් විමුක්ති 20, යසෝද මෙන්ඩිස් 25, ශෂික දුල්ශාන් 44/4, ඉෂාන් ජයරත්න 13/2)

රාගම දෙවැනි ඉනිම පන්දුවාර 30.2 කදී කඩුලු 8 ට ලකුණු 126 යි – (සමින්ද ප්‍රනාන්දු 32, උදාර ජයසුන්දර 13, රොෂේන් සිල්වා 18, ජනිත් ලියනගේ 16, ශෂික දුල්ශාන් 12, දුශාන් විමුක්ති 38/5, ප්‍රසන්න සික්කුගේ 32/3)

යුද හමුදාව දෙවැනි ඉනිම පන්දුවාර 16 කදී කඩුලු 2 ට ලකුණු 66 යි – (අසේල ගුණරත්න 22*, තුලින ඩිල්ෂාන් 19, මහේෂ් කුමාර 15)

බී.ආර්.සී – සැරසන්ස්

බී.ආර්.සී. පළමු ඉනිම පන්දුවාර 110.1 කදී ලකුණු 392 යි – (රමින්ද විජේසූරිය 109, ශානුක දුලාජ් 94, නිසල් ෆ්‍රැන්සිස්කෝ 52, දේශාන් ඩයස් 39, භානුක රාජපක්ෂ 33, ඩිල්ශාන් ද සොයිසා 26, රනිත ලියනආරච්චි 66/4, සචින්ත පීරිසි 85/2)

සැරසන්ස් පළමු ඉනිම පන්දුවාර 88 කදී ලකුණු 262 යි – (සිතාර ගිම්හාන් 43, ගමිඳු අමරසිංහ 43, ප්‍රමෝද් මදුවන්ත 47, අශේන් බණ්ඩාර 31,සචින්ත පීරිස් 21, රනිත් ලියනාරච්චි 37, නවිඳු විතානගේ 17, මොහොමඩ් ශිරාස් 74/4, භානුක රාජපක්ෂ 49/2, දිවිඳු තිලකරත්න 36/2)

බී.ආර්.සී. දෙවැනි ඉනිම පන්දුවාර 27.1 කදී ලකුණු 124 යි – (හෂේන් රාමනායක 35, නිසල් ෆ්‍රැන්සිස්කෝ 22, රමින්ද විජේසූරිය 14, උමෙෂ්ක මොරායස් 17*, මොහොමඩ් ඩිල්ශාඩ් 42/7, සචින්ත පීරිස් 28/3)[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top