කුසල් මෙන්ඩිස්ගේ සුපිරි ඉනිමක්

[vc_row][vc_column][vc_column_text]දේශීය ක්‍රිකට් පිටියට නැවතත් ක්‍රිකට් වසන්තය කැඳවමින් අද (10 දා) කොළඹ සහ තදාසන්න ක්‍රීඩාංගණ වලදී ආරම්භ වුණු අන්තර් පළාත් ප්‍රධානතම ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් 8 අතර තරග වටයේදී පිතිකරණයෙන් කැපී පෙනෙන දස්කම් දැක්වීමට සී. සී. සී. කණ්ඩායමේ අංක 3 පිතිකරු කුසල් මෙන්ඩිස් සමත්විය.

රාගම ක්‍රීඩා සමාජයට එරෙහිව කටුනායක හලාවත මේරියන්ස් ක්‍රීඩා පිටියේ පැවැත්වෙන මෙම තරගයේදී ප්‍රතිවාදී පන්දු යවන්නන්ට කිසිදු අවස්ථාවක් ලබා නොදුන් කුසල් සිය ලකුණු 132 කින් සමන්විත ඉනිම සඳහා පන්දු 213 කට මුහුණ දුන්නේය. කිසිදු කලබලයක් නොපෙන්වූ මෙම දකුණත් පිතිකරුවා තම ඉනිම හතරේ පහර 18 කින් වර්ණවත් කරගනු ලැබුවේ තරගයේ දෙවැනි දිනය වන හෙට දිනයේදීත් පන්දුවට පහර දීමේ අවස්ථාව උදා කර ගනිමිනි.

කටුනායක හලාවත මේරියන්ස් තණතීරුව මුළුමනින්ම පිතිකරුවන්ගේ රජදහනක් බවට පත් කරගත් කුසල් මෙන්ඩිස් ප්‍රමුඛ සී.සී.සී. පිතිකරුවෝ පළමු දිනය අවසන් වන විට සිය පළමු ඉනිම සඳහා ලකුණු 353 ක දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් ගොඩ නැංවීමට සමත්විය. දිනයේ වැඩිම ලකුණු රැස් කරන ලද පිතිකරුවා බවට කුසල් මෙන්ඩිස් පත්වූ මෙම තරගයේදී රාගම පන්දු යවන්නන්ට දවා ගත හැකි වූයේ සී. සී. සී. පිලේ පිතිකරුවන් සිව් දෙනෙක් පමණි.

තරගාවලිය පුරා ලකුණු අතර රැඳී සිටි මිනෝද් භානුක අද දිනයේදීද ලකුණු අතරට පැමිණෙමින් ලකුණු 88 ක් රැස් කරගනිමින් දැවී ගියේ මුහුණ දුන් 93 වැනි පන්දුවේදීය. දැවී යන විටත් හයේ පහරක් සහ හතරේ පහර 13 කින් සිය ඉනිම සරසා ගැනීමට භානුක සමත්විය.

මෙම තරගයේ වැඩිම කඩුලු සම්බන්ධතාවය වූ තෙවැනි කඩුල්ලේ ලකුණු 122 ක සම්බන්ධතාවය කුසල් මෙන්ඩිස් සහ අශාන් ප්‍රියන්ජන් අතර වාර්තා විය. සී. සී. සී. පිල වෙනුවෙන් භානුකට අමතරව ප්‍රියන්ජන් (58) සහ වනිඳු (නොදැවී 51) අර්ධ ශතක වාර්තා කළහ.

අද දිනයේදී සුපිරි කණ්ඩායම් 8 අතර තරග වටයේ තරග 4 ට අමතරව ප්ලේ ශූරතාවය යටතේ තරග 3 ක් ආරම්භ වුණු අතර එහිදී ලන්කන් කණ්ඩායමේ චානක රුවන්සිරි ලකුණු 124 ක් ලබා ගැනීමට සමත්විය.

සී. සී. සී. පළමු ඉනිම පන්දුවාර 86 කදී කඩුලු 4 ට ලකුණු 353 යි – මිනෝද් භානුක 88, කුසල් මෙන්ඩිස් (නොදැවී) 132, අශාන් ප්‍රියන්ජන් 58, වනිඳු හසරංග (නොදැවී) 51, බිනුර ප්‍රනාන්දු 35/2)

එන්. සී. සී. – යුද හමුදාව

යුද හමුදාව පළමු ඉනිම පන්දුවාර 72 කදී ලකුණු 236/9 යි – (අසේල ගුණරත්න 50, තුලින ඩිල්ෂාන් 14, හිමාෂ ලියනගේ 46, දිනේෂ් චන්දිමාල් 19, මහේෂ් කුමාර 41, දිලේෂ් ගුණරත්න 50, ජනිත් සිල්වා (නොදැවී) 29, යශෝධ මෙන්ඩිස් 12, චතුරංග සිල්වා 10, චතුරංග ද සිල්වා 82/3, දිලේෂ් ගුණරත්න 35/4)

හලාවත මේරියන්ස් – බී.ආර්.සී.

හලාවත මේරියන්ස් පළමු ඉනිම පන්දුවාර 47.2 කදී ලකුණු 195 යි – ඕෂධ ප්‍රනාන්දු 42, රුමේෂ් බුද්ධික, පුලින තරංග 40, කසුන් විදුර 38, තික්ෂිල ද සිල්වා 35, අසිත ප්‍රනාන්දු 12, භානුක රාජපක්ෂ 26/3, හෂේන් රාමනායක 43/3, දුවිඳු තිලකරත්න 54/3)

බී.ආර්. සී. පළමු ඉනිම පන්දුවාර 23 කදී 67/5 යි – (ලසිත් ලක්ෂාන් 18, දේශාන් ඩටස් 24, තික්ෂිල ද සිල්වා 07/2, නිමේෂ් විමුක්ති 06/2)

කෝල්ට්ස් – සැරසන්ස්

කෝල්ට්ස් පළමු ඉනිම පන්දුවාර 81 කදී ලකුණු 256/2 – (සධීර සමරවික්‍රම 41, අවිෂ්ක ප්‍රනාන්දු 66, සංතුෂ් ගුණතිලක (නොදැවී) 60, ඇන්ජලෝ මැතිව්ස් (නොදැවී) 80, කසුන් රජිත 65/2)

ප්ලේට් ශූරතාව

ලන්කන් – මීගමුව

ලන්කන් පන්දුවාර 68.2 කදී සියළු දෙනා දැවී ලකුණු 270 යි – (ළහිරු ඩිල්ෂාන් 43, ප්‍රිමෝෂ් පෙරේරා 10, චානක රුවන්සිරි 124, සවන් කංකානම්ගේ 14, කේෂාන් විජේරත්න 13, දුනිත් වෙල්ලාලගේ 37, ලක්ෂිත මණසිංහ 85/5, උපුල් ඉන්ද්‍රසිරි 22/3)

මීගමුව පන්දුවාර 4.3 කදී ලකුණු 30/1 යි – (ඩිල්ෂාන් මුණවීර 12)

මුවර්ස් – බදුරලිය

මුවර්ස් පළමු ඉනිම පන්දුවාර 77.1 කදී 239/7 යි – (දිනූක ඩිල්ෂාන් 46, මොහොමඩ් ශමාස් 10, නිපුන් කරුණානායක 27, රුමේෂ් මෙන්ඩිස් 40, අධීෂ තිලංචන 53, අනුක් ප්‍රනාන්දු 20, අයන සිරිවර්ධන (නොදැවී) 37, ළහිරු සමරකෝන් 59/4, දුෂාන් හේමන්ත 39/2)

එස්.එස්.සී. – ටැමිල් යුනියන්

එස්. එස්. සී. පළමු ඉනිම පන්දුවාර 71 කදී කඩුලු 8 ට ලකුණු 242 යි – (සඳුන් වීරක්කොඩි 35, චරිත් අසලංක 24, දසුන් ශානක 35, සචිත්‍ර සේනානායක 81, අසේල සේනාරත්න 37)[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top