කුසල් මෙන්ඩිස් යළි කණ්ඩායමට එක් වෙයි

[vc_row][vc_column][vc_column_text]කොවිඩ් වෛසරය ආසාධනය වීම නිසා පළමු විස්සයි-20 තරග දෙකට ක්‍රීඩා කිරීමට නොහැකි වූ කඩුලු රකින ක්‍රීඩක කුසල් මෙන්ඩිස් හෙට (15 දා) පැවැත්වීමට නියමිත තෙවැනි තරගය සඳහා පූර්ණ සුවය ලබා සිටියි. මනුකා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 1.40 ට ආරම්භ වේ.

ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙන තරග 5 කින් සමන්විත විස්සයි-20 තරගාවලියේ පළමු තරගයට පෙර පෙබරවාරි මස 07 වැනිදා සිදුකරන ලද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයේදී කුසල්ට කොවිඩ් වෛරසය ආසාධනය වී තිබෙන බවට හඳුනා ගැණින. අනතුරුව ඔහුව පී.සී.ආර්. පරීක්ෂණයකට යොමු කරන ලදුව එහි ප්‍රතිඵලයද වෛරසය ආසාධනය වී තිබෙන බවට තහවුරු කළේය. ඒ අනුව ඔහුව නීරෝධායන ක්‍රියාවලියට යොමු කිරීම නිසා පළමු තරග 2 ට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමිවූවේය.

පළමු තරගයට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩ  බලන පුහුණුකරු රුමේෂ් රත්නායක මහතා සඳහන් කළ පරිදිම දින 7 ක කාලය අවසන් වීමෙන් පසු නැවතත් පී. සී. ආර්. පරීක්ෂණයකට පෙබරවාරි 13 වැනි දින යොමු කරන ලද අතර එහි ප්‍රතිඵලය සෘණාත්මකවීම නිසා කණ්ඩායම සමඟ එකතුවීමට ඔහුට අවස්ථාව ලැබිණ. පළමු තරග දෙකට කුසල් මෙන්ඩිස්ගේ දායකත්වය අහිමිවීම නිසා දිනේෂ් චන්දිමාල් විසින් කඩුලු රැකීමේ කාර්යයේ නිරත විය.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top