කුසල් සහා අවිශ්ක ශ්‍රී ලංකා පිල ජයමාවතට ගෙන යයි

2015 වසරෙන් පසුව නවසීලන්තයට එරෙහිව එක් දින තරග ජයක් වර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත් වනවා. ඒ නවසීලන්තය සමඟ පැවති පළමු එක් දින තරගය ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව ලකුණු 45 කින් ජය ගනිමින්.

දඹුල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව පන්දු වාර 49 යි පන්දු 2 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 324 ක් ලබා සිටියදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුණා.

විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස් තම එක්දින ක්‍රිකට් දිවියේ සිව්වැනි ශක්තිය වර්තා කරමින් රැස්කළ ලකුණු සංඛ්‍යාව 143 ක්.අවිශ්ක ප්‍රනාන්දු ද තම සිව් වැනි එක්දින ශතකය ශතකය ශතකය වාර්තා කරමින් ලකුණු සියයක් රැස්කළා.ඔවුන් දෙදෙනා දෙවන කඩුල්ලට ගොඩනැගු සබඳතාව ලකුණු 206 ක්.

එය දඹුල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේ ක්‍රීඩකයින් දෙදෙනෙකු එක්දින තරගයක ඕනෑම කඩුල්ලක් සඳහා ගොඩනැගු ඉහළම සබඳතාව ලෙසයි වාර්තා වන්නේ.

මේ අතර නවසීලන්තයත් සමඟ පැවති තරගයක වාර්තා වූ ඉහළම ලකුණු සබඳතාවයද මෙයයි.අනතුරුව තරගය ජයගැනීම සඳහා නවසීලන්තයට පන්දු වාර 27ක දී ලකුණු 221ක ඉලක්කයක් හිමිවුණා. නමුත් ඔවුන්ට නියමිත පන්දුවාර සංඛ්‍යාව අවසානයේ කඩුලු නවයක් දැවී රැස්කිරීමට හැකි වූ ලකුණු සංඛ්‍යාව175 ක්.විල් යංග් ලකුණු 48 යි.පන්දු යැවීමේදී ඩිල්ෂාන් මදුශංක කඩුලු 3 ක් දවා ගත්තා.මහීෂ් තීක්ෂණ සහ චරිත් අසලංක අතර කඩුලු දෙක බැගින් බෙදී ගියා.

Back To Top