කුසල් සහා අසිත තවම ලංකාවේ !

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කුසල් මෙන්ඩිස් සහ අසිත ප්‍රනාන්දු හට අමෙරිකානු වීසා නොලැබී ඇති බවට තොරතුරු වාර්තා වනවා.ඒ හේතුවෙන් ඔවුන් දෙදෙනා අද (14) දින අමෙරිකාව බලා පිටත්ව නොගිය බව සඳහන්.

කොළඹ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලයෙන් වීසා බලපත්‍ර ඉක්මනින්ම ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි ක්‍රීඩා අමාත්‍යංශය සඳහන් කළේ.එය ලැබීමෙන් අනතුරුව ඔවුන් අමෙරිකාව බලා පිටත්ව යනු ඇති.

මෙම වීසා ප්‍රමාදය ලෝක කුසලාන තරගාවලියේ තරග සඳහා බාධාවක් වන්නේ නැහැ.කෙසේ වෙතත් පුහුණුවීම්වලට බාධා වනු ඇති බව සඳහන්.2024 ජූනි 01 වැනි දින ලෝක කුසලානය ආරම්භ වීමට පෙර කණ්ඩායම එක්සත් ජනපදයේ පුහුණු කඳවුරක් පැවැත්වීමට අපේක්ෂා කරන බව සඳහන්.

Back To Top