කුළුදුල් ටෙස්ට් ලෝක කුසලානයේ අවසන් ලකුණු සටහන!

[vc_row][vc_column][vc_column_text]කුළුදුල් ටෙස්ට් ලෝක කුසලාන අවසන් මහා තරඟය හෙට දිනයේදී ආරම්භ වීමට නියමිතයි. එහිදී අවසන් මහා තරඟයට සහභාගී වන්නට නියමිත වන්නේ නවසීලන්ත සහ ඉන්දියාවයි. පුරා වසර දෙකක් පමණ කාලයක් තිස්සේ වයිරස අවධානමද මැද පැවති ටෙස්ට් තරඟාවලි ගණනාවකින් අනතුරුව මෙකී ප්‍රසාද ලකුණු සටහනේ මුල් ස්ථාන ද්විත්වය දිනා ගනිමින් අවසන් තරඟයට එක් වීමට උක්ත කණ්ඩායම් ද්විත්වය සමත් වී ඇත.

නමුත් ඔවුන් සමගින් තවත් ටෙස්ට් කණ්ඩායම් 9ක් සටන් වැදුන අතර එහි අවසන් ප්‍රසාද ලකුණු සටහනේ ස්ථාන පහත පරිදි සටහන් වී තිබුණි.

1. ඉන්දියාව

තරඟ 17 කදී ප්‍රසාද ලකුණු 520ක් ඉන්දියාවට හිමි වූ අතර එය 72.2% ක් තරම් ඉහළ අගයක් විය. ඔවුන් තරඟ 17න් 12 ක් ජය ගෙන 1 තරඟයක් ජය පරාජයෙන් තොරව නිමා කරග්න තරඟ 4ක් පරාජය වී තිබුණි.

2. නවසීලන්තය

තරඟ 11 කදී ජයග්‍රහණයන් 7ක් සහ පරාජයන් 4ක් ද සමගින් නවසීලන්තය සමස්ථ ප්‍රසාද ලකුණු 420ක් වාර්තා කොට තිබුණේ 70% ක අගයක් රඳවා ගනිමිනි.

3. ඕස්ට්‍රේලියාව

ඕස්ට්‍රේලියාවට හිමි වූ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 332 කි. එය ප්‍රතිශතයක් ලෙසට 69.2% ක් ලෙසින් සටහන් වී තිබුණි. තරඟ 14 කදී ජයග්‍රහණයන් 8ක් පරාජයන් 4ක් සහ ජය පරාජයෙන් තොර 2ක් ලෙසට ඔවුන් ඉදිරියේ දැක්වුණි.

4. එංගලන්තය

ප්‍රසාද ලකුණු 442ක් හිමි වී තිබුණත් එහි ප්‍රතිශතය 61.4% ක් වැනි අගයක් ගැනීම නිසා එංගලන්තයට සිව්වැනි ස්ථානය දක්වා පල්ලම් බැසීමට සිදු විය. තරඟ 21ක් ක්‍රීඩා කල එංගලන්තය එහිදී ජයග්‍රහණයන් 11ක් පරාජයන් 7ක් සහ ජය පරාජයෙන් තොර 3ක් වාර්තා කලේය.

5. පාකිස්තානය

පාකිස්තානය හිමිකර ගත් ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 286 කි. එය ප්‍රතිශතයක් ලෙසට 43.3% වැනි අගයක් සටහන් කර තිබුණි. ඔවුන් තරඟ 12 කදී ජයග්‍රහණයන් 4ක් පරාජයන් 5ක් සහ ජය පරාජයෙන් තොර 3ක් සටහන් කලේය.

6. දකුණු අප්‍රිකාව

දකුණු අප්‍රිකාව 6 වන තැනට පත්වූයේ ප්‍රසාද ලකුණු 204ක් හිමිකර ගනිමිනි. එය ප්‍රතිශතයක් ලෙසට 37.8% ක් විය. ඔවුන් තරඟ 12 කට එක්වී 4ක් ජය ගෙන 8ක් පරාජයට පත් වී තිබුණි.

7. බටහිර ඉන්දීය කොදෙව්

කොදෙව්වන් ටෙස්ට් ලෝක කුසලාන මූලික වටය යටතේ තරඟ 12 කට ක්‍රීඩා කොට 3ක් ජයගෙන 7ක් පරාජයට පත් වී තරඟ 2ක් ජය පරාජයෙන් තොරව නිමා කර ගත්තේය. ඔවුන්ට හිමි ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 200ක් වූ අතර එය 30.3% වැනි ප්‍රතිශතයකින් යුක්ත විය.

8. ශ්‍රී ලංකාව

ශ්‍රී ලංකාවට හිමි වූයේ 8 වන ස්ථානයයි. ශ්‍රී ලංකාවටද කොදෙව් දූපත් වලට මෙන්ම ප්‍රසාද ලකුණු 200ක් හිමි වී තිබුණත් එහි ප්‍රතිශතය 27.8% ක අගයක් ගැනීම නිසා 8 වන ස්ථානයට පත් වීමට සිදු විය. තරඟ 12ක් ක්‍රීඩා කල ශ්‍රී ලංකාව එහිදී ජයග්‍රහණයන් 2ක් පරාජයන් 6ක් සහ ජය පරාජයෙන් තොර තරඟ 4ක් වාර්තා කොට තිබුණි.

9. බංග්ලාදේශය

අවසන් ස්ථානයට පත් වූයේ බංග්ලාදේශයයි. ඔවුන්ට හිමි වූ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 20ක් වූ අතර ඔවුන්ගේ ලකුණු ප්‍රතිශතය 4.8%ක් තරම් අවම ප්‍රතිශතයක් ලෙසින් සටහන්ව තිබුණි. තරඟ 7ක් ක්‍රීඩා කල බංග්ලාදේශය එකඳු තරඟයක් හෝ ජය නොගත් අතර පරාජයන් 6ක් සහ ජය පරාජයෙන් තොර එක තරඟයක් වාර්තා කොට තිබේ.

Creeda Sports Network[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top