කුළුදුල් Hundred ( 100) තරඟාවලියේ වෙන්දේසියට ශ්‍රී ලංකාවෙන් 17ක්

[vc_row][vc_column][vc_column_text]එංගලන්ත ක්‍රිකට් ආයතනයේ යෝජනාවකින් අලුතින් හඳුන්වා දීමට නියමිත “ Hundred” හෙවත් පන්දු 100 ක්‍රිකට් තරගාවලිය 2020 ජූලිමස එංගලන්තයේ ආරම්භය වීමට නියමිත අතර එයට අදාල ක්‍රීඩක වෙන්දේසිය මෙමස විසි වන දින පැවත්වීමට නියමිතය.

මෙම නවතම ක්‍රිකට් ආකෘතිය ලොව පුරා ක්‍රිකට් ප්‍රසිද්ධ කිරීමේ අරමුණෙන් එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය හඳුන්වාදීමට යෝජනා කරඇති අතට එංගලන්තයේ නගර 7ක් රේන්ද්‍ර කරගනිමින් කණ්ඩායම් 7ක් ලෙස ලීග් ක්‍රමයට මෙම තරගාවලිය පැවත්වීමට කටයුතු සූදානම්කර ඇත.

මෙම ක්‍රීඩක වෙන්දේසියට ලොව පුරා සුපිරි ක්‍රීඩකයන් සියල්ලන්ම පාහේ සහභාගී වීමට නියමිත අතර ශ්‍රී ලංකාවෙන්ද ක්‍රීඩකයන් 17ක්වෙන්දේසිය සඳහා නම් ඉදිරිපත් කර ඇත.

එහිදී වෙන්දේසිය,

මූලික ලංසුව,

1.ඩොලර් හතළිස්දහසට වැඩි පිරිස

ඩොලර් පනස්දහසකට වැඩි පිරිස
ඩොලර් හැට දහස සහ හැත්තෑපන් දහස අතර
ඩොලර් ලක්ෂයකට වැඩි
ලෙස වර්ගකර ඇත.

වෙන්දේසියට ඉදිරිපත් වී ඇති ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 17 වන්නේ,

නුවන් ප්‍රදීප්
සුරංග ලක්මාල්
දිනේශ් චන්දිමාල්
තිසර පෙරේරා
අවිශ්ක ප්‍රනාන්දු
කුසල් මෙන්ඩිස්
නිරෝශන් දික්වැල්ල
ධනුශ්ක ගුණතිලක
ලක්ෂාන් සඳකැන්
දසුන් ශානක

ඉහත ක්‍රීඩකයන් මූලික ලංසුව ඩොලර් 40000ක් ලෙස තම නම ඉදිරියෙන් සටහන් කර ඇත.

ධනංජය ද සිල්වා
ලහිරු තිරිමාන්න
ඇන්ජලෝ මැතිව්ස්
ඉසුරු උදාන
යන ක්‍රීඩකයන්ගේ මූලික ලංසුව ඩොලර් 50000ක් වේ.

මීට අමතරව

දිමුත් කරුණාරත්න, කුසල් පෙරේරා ඩොලට් 75000ක් ලෙසද ලසිත් මාලිංග ඩොලර් 125000ක් සිය මූලික ලංසුව ලෙස තබා ඇත.

වෙන්දේසියේ වැඩිම මූලික ලංසුවක් එනම් ඩොලර් 125000ත් 100000ක් අතර මූලික ලංසුවක් සටහන් කල අනෙක් ක්‍රීඩකයන් ලෙස සුපිරික්‍රීඩකයන් වන

ක්‍රිස් ගේල්, කගිසෝ රබඩා, ඩේවිඩ් වෝනර්, ස්ට්වි ස්මිත්, මිචෙක් ස්ටාක්, ශකීබ් අල් හසන්, කේන් විලියම්සන්, ශේන් වොට්සන්, ටමීම්ඉක්බාල්, සුනිල් නරීන්, කිරන් පොලාර්ඩ්, ඩ්වේන් බ්‍රාවෝ,ඩී කොක්, ෆැෆ් ඩුප්ලෙසිස් යන ක්‍රීඩකයන්ගේ නම් වාර්තා වී ඇත.

මෙම ක්‍රීඩකයන් සියල්ල වෙන්දේසිය මගින් කණ්ඩායම් 7කට බෙදා වෙන් කිරීමට නියමිත අතර එම කණ්ඩායම් 7 නායකයන් ලෙසඑංගලන්ත කණ්ඩායම නියෝජනය කරන ක්‍රිස් වෝක්ස්, රෝයි බර්න්ස්, ජොස් බට්ලර්, බෙන් ස්ටෝක්ස්, සැම් කරන්, ජොෆ්‍රා ආචර් සහ ජෝරූට් නම් කර ඇත.

මෙම ආකෘතියේ විශේෂ ලක්ෂණ.

එක් ඉනිමකට පන්දු සීයක් පමණක් හිමි වීම
පන්දු දහයකට වරක් අන්ත මාරු වීම
පන්දු යවන්නන්ට පන්දු 5ක් හෝ 10ක් එක වර යොමු කල හැකි වීම
එක් පන්දු යවන්නෙක්ට එක ඉනිමක පන්දු 20ක් යොමු කල හැකි වීම
ඉනිමේ ආරම්භක පන්දු 25 ඇතුලත පවර්ප්ලේ අවස්ථාවක් හිමි වීම

යනාදිය විශේෂ වේ.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top