කොදෙව්වන්ට එරෙහිව විස්සයි විස්ස පිටියේ හොදම යඹායාම එංගලන්තයෙන්

සංචාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තෙවන විස්සයි විස්ස තරඟය ඊයේ රාත්‍රියේදී පැවැත්වුණා. තරගය කාසිය වාසිය දිනූ එංගලන්තය පළමුව පන්දු රැකීමට තීරණය කළා. ඒ ආරාධනයෙන් පිටියට පිවිසෙන ඔබට එරෙයින් ගිය කදෝ කණ්ඩායමපන්දුවාර විස්ස තුළ කඩුලු හයක් දැවී ලකුණු 222ක් රැස් කළා.

එහිදී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ නිකලස් පූරන් පන්දු හතළිස්පහකදී හතරේ පහර සහ හයේ පහර 6 බැගින් එල්ල කරමින් මේකවත් ලකුණු 82ක් රැස් කළා. නායක රෝමාන් පවෙල් ලකුණු 39ක් හා ශර්ෆේන් රදර්ෆඩ් ලකුණු 29ක් රැස්කිරීමට සමත් වුණා. එංගලන්තය වෙනුවෙන් සෑම් කරන් හා අඩිල් රෂීඩ් කඩුලු 2 බැගින් දවාගැනීමට සමත් වුණා.

ඉලක්කය හඹායාමට පිටියට පිවිසෙන එංගලන්ත කණ්ඩායම එක් පන්දුවක් ඉතිරිව තිබියදී තරගය ජයග්‍රහණය කිරීමට සමත් වුණා. එහිදී ආරම්භක පිතිකරු පිල් සෝල්ට් පන්දු 56කදී හතරේ පහර 4ක් හා හයේ පහර9ක් සමගින් නොදැවී ලකුණු 109ක් රැස්කිරීමට සමත් වුණා. නායක ජෝෂ් බට්ලර් ලකුණු 51ක්ද, ලියම් ලිවින්ග්ස්ටන් ලකුණු 30ක්ද රැස්කළා. එංගලන්ත කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගිය හැරී බෲක් පන්දු 7ක් තුළදී හතරේ පහරක් හා හයේ පහර 4ක් සමගින් නොදැවී ලකුණු 31ක් රැස්කිරීමට සමත් වුණා. මෙම තරගයේදී හයේ පහර 34ක් එල්ල වූ අතර එය ජාත්‍යන්තර විස්සයි විස්ස තරගයක වාර්තා වූ දෙවන වැඩිම හයේ පහර සංඛ්‍යාව බවටද පත් විය. දෙරට අතර විස්සයි විස්ස තරගාවලියේ මේ වන විටත් පෙරමුණ හිමිකරගැනීමට කොදෙව්වන්ට හැකිවූයේ තරග 2-1ක් ලෙස පෙරමුණ හිමිකරගැනීමට සමත් වී තිබෙන නිසාවෙනි.

Back To Top